දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් වූ කණ්ඩලම හෝටලය සම්පූර්ණයෙන් ම වසා දැමීමට තීරණය කර තිබේ.
එහි කළමනාකරු ප්‍රියාන් විජේරත්න පවසන්නේ හෝටලයේ සේවකයන් කිහිප දෙනකු නඩත්තු කටයුතු සඳහා පමණක් යොදව ඇති බවයි.
තරු පහේ හෝටලයක් වූ එහි කාමර 150ක් පැවැති අතර සේවක සේවිකාවන් 400ක් සෘජුවත්, වක්‍ර සේවා සපයන්නන් 2,000ක් පමණ පිරිසකුත් මෙම හෝටලයෙන් යැපුණි.
කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරකයන් නොපැමිණීම හේතුවෙන් කන්ඩලම හෝටලය තවදුරටත් විවෘතව තබා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බැවින් එය මෙලෙස වසා දැමීමට තීරණය කර ඇත.