කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (17) පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (16) ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී කරන ලද කෙටි සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුව සංවිධානය කෙරිණි. අද හමුවූ ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා විනාඩි 40ක පමණ කාලයක් සාකච්ඡා කළහ.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇත්තේ ඔවුන් දෙදෙනා පමණි. කොරෝනා වසංගතය පිටුදැකීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කර තිබේ.