-5.9 C
New York

එක් ‍රෝගියයි. නවසීලන්තය lockdown

Published:

ඩෙල්ටා ප්‍රභේදය යැයි සැක කරන රෝගියෙකු හමුවීමෙන් පසු නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩේන් විසින් හදිසි අගුලු දැමීමේ ක්‍රියාමාර්ගයක් අද (17) සිට නිවේදනය කර තිබේ.

සමස්ත රටම දින 03ක කාලයකට වසා දමා ඇති අතර රෝගියා හමුවූ ඕක්ලන්ඩ් ප්‍රදේශය සහ ‍එම පුද්ගලයා සංචාරය කර ඇතැයි සැළකෙන වෙරළබඩ කොරමණ්ඩල් ප්‍රදේශය ද සතියක කාලයක් සඳහා වසා දමා තිබේ.

අළුතින් වාර්තා වූ එම රෝගියාට වැළඳී ඇත්තේ ඩෙල්ටා ප්‍රබේදයයැයි සළකමින් කටයුතු කරන බවත් හතරවන මට්ටමේ දැඩි අගුලු දැමීමක් ක්‍රියාත්මක කරන බවත් අගමැතිනිය පවසයි. ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වෙයි. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගනිමින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර අනුගමනය කිරීමට සිදුවන බවද ඇය පැවසුවාය.

මෙලෙස නවසීලන්තයෙන් කොරෝනා රෝගියකු හමු වී ඇත්තේ මාස හයකට පමණ පසුවය.

නවසීලන්තය කොවිඩ් රෝගයට සාර්ථක ප්‍රතිචාර දැක්වූ රටක් ලෙස සැලකෙන අතර මෙතෙක් එරටින් වාර්තා වී ඇත්තේ රෝගීන් 2500ක පමණ සංඛ්‍යාවකි. කොවිඩ් ආශ්‍රිත මරණ 26ක් සිදුවී තිබේ. කෙසේ වුව ද නවසීලන්තය එන්නත් කර ඇත්තේ එරට ජනගහනයෙන් 20%කට පමණි.

https://www.bbc.com/news/world-asia-58241619

Related articles

Recent articles

spot_img