දැනට රටේ පවතින වසංත තත්වය හේතුවෙන් ජාතික ආපදා තත්වයක් වහාම ප්‍රකාශයට පත්කරන ලෙසත් සියලු දේශපාලන පක්ෂ, සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික හා සමාජ විද්‍යාඥයන්ගෙන් සමන්විත “ජාතික සභාවක්” පත්කර කොරෝනා මර්ධනයට කඩිනම් පියවර ගන්නා ලෙස හිටපු කතානායක කරු ජයසූරිය නිවේදනයක් නිකුත්කරමින් ඉල්ලා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස ඔහු මේ බව දැක්වෙන නිවේදනයක් නිකුත් කර තිබේ.
හිටපු කතානායකවරයා පෙන්වාදෙන්නේ කොරෝනා වයිරසයෙන් වැඩිම පීඩාවකට පත්ව සිටින්නේ සහ මරණයට පත්වන්නේ සමාජයේ පීඩිත ජන කොටස බවයි.
ඔහු එම නිවේදනයේ මෙලෙස සඳහන් කර ඇත.
වසංගතය පිළිබඳ නිවැරදි තොරතුරු හා දත්ත ජනතාවට ලැබීමට සැළැස්වීම රජයේ වගකීමකි. තොරතුරු සැඟවීම මගින් හා නිවැරදි නොවන තොරතුරු ඉදිරිපත් කිරීමෙන් රටට හා ජනතාවට හානියක් සිදුවන බව වගකිව යුතු සියලු පාර්ශව තේරුම්ගත යුතුය. එමෙන් ම මෙවැනි අවස්ථාවක පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ගෙවීමට සිදුව ඇති මුදලින් අර්ධයක් හෝ රජය මගින් දැරිය යුතුය.
මෙම කරුණු සැළකිල්ලට ගනිමින් වහාම ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර සියලු පාර්ශව නියෝජනය වන “ජාතික සභාවකින්” කොවිඩ් වසංගතය පාලනය කිරීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍ය දෙයකි. මේ සදහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් කොන්දෙසි විරහිතව ලබාදීමට සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරය කැපවෙන බව අවධාරණය කරනු කැමැත්තෙමු”