-5.9 C
New York

මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ව්‍යවස්ථා විරෝධීයි

Published:

මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එම වගන්ති වන්නේ 4(1),5(1),5(2),5(3),5(4),5(5),6(1),7(1),12බී,13(1),14,20 සහ17ය.

එම වගන්ති අතරින් 17 වැනි වගන්තිය සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතු බවත්, අනෙක් වගන්ති සියල්ල සංශෝධනය කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනනුම් දී තිබේ. එසේ සංශෝධනය කළහොත් එම පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ද දැනුම් දී ඇත.

මහත් ආන්දෝලනයට තුඩුදුන් මෙ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කර තිබිණි.

Related articles

Recent articles

spot_img