-4.8 C
New York

නාමල් රාජපක්ෂගේ නව අමාත්‍යාංශ විෂය පථය ගැසට් කරයි

Published:

සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂට අයත් විෂයයන් සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව ඊයේ (16) නිකුත් කර තිබේ.

ඒ අනුව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය මගින් සෞභාග්‍යයේ දැක්ම ජාතික සංවර්ධන වැඩසටහන් තුළ නව අවස්ථා නිර්මාණය කරමින් සක්‍රී හා සජීවී යාන්ත්‍රණයක් ඔස්සේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීමට ජනාධිපති නියෝග සහ මඟපෙන්වීම් මත සියලු සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය හා ව්‍යාපෘති අධීක්ෂණය අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත පැවරෙයි.

එමෙන් ම, ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේ දී ජනතාව ඉදිරිපත් කරනු ලබන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දෙන උපදෙස් හා නියෝග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වගකීම ද පැ‍වරෙන්නේ මෙම අමාත්‍යාංශයටය. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආයතන ප්‍රධානීන් ඇතුළු ප්‍රාදේශීය මට්ටමේ සියලු නිලධාරීන් මෙහෙයවීම ද මෙම අමාත්‍යාංශය යටතට පත්කර ඇත.

ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්ත‍මේන්තුව ද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතට පත්කර තිබේ.

(එම ගැසට් නිවේදනය පහතින්)

Related articles

Recent articles

spot_img