කොරෝනා රෝගීන් වාර්තාවන සංඛ්‍යාව සහ මරණ සිදුවන සංඛ්‍යාව පිළිබඳ ප්‍රාදේශීය මට්ටමින් ලැබෙන තොරතුරු සහ රජයේ නිල නිවේදනය අතර විශාල පරස්පරයක් ඇති බවත් සැබෑ අගය නිවේදනය කරන අගයට වඩා වැඩි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ නිසා දැනටමත් ඉතාමත් භයානක තත්වයකට පත්ව ඇති කොරෝන වසංගතය පාලනය කිරීමට අවශ්‍ය විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කිරීම තවදුරටත් ප්‍රමාද කළහොත් මිනිස් ජීවිත විශාල වශයෙන් බිලිවෙන දරුණු තත්වයක් කරා රට ගමන්කරනු ඇති බව ද එම සංසදය පෙන්වා දෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 34%කින් පමණ වැඩි වී ඇති බවයි. එමෙන්ම කොරෝනා මරණ සංඛයාව 60%කින් වැඩි වී ඇති බව ද එම නිවේදනයේ දක්වා ඇත.
මෙය කිසිසේත්ම රෝහල් පද්ධතිය ප්රමුඛ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයට දරාගත නොහැකි තත්වයක් බව ද වෛද්‍ය කමල් ඒ පෙරේරා පෙන්වා දී ඇත.
ඔහු වැඩිදුරටත් මෙසේ ද පවසයි
“මේ සියලු කරුණු සළකා බලා වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි සති දෙකක කාලයේ දී අත්‍යාවශ්‍ය නොවන සියලුම ගමන් නවතා තම නිවසේම රැඳී සිටින්න කියලයි. මේ වසංගතය පාලනය කරන්න කියා අපි දිගින් දිගටම වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටියත් ඒවාට යහපත් ප්‍රතිචාරයක් නොදක්වන තත්වයක් තුළ සියලු ජනතාව තමන්ගේ සංචරණ සීමා කරගැනීමෙන් ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමට සෑම උත්සාහයක් ම දැරිය යුතුයි.”