-5.9 C
New York

කරාපිටිය මෝචරියේ දින 04ක දී කොරෝනා මරණ 32ක්. වැඩිපුරම නිවෙස්වල මියගිය අය

Published:

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 32කගේ මළ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ගත වූ දින 04ක කාලයේ දී ලැබී තිබූ බව වෛද්‍යවරු කියති.

මෙම මරණවලින් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ නිවෙස්වල දී වීම විශේෂත්වයකි. එලෙස නිවෙස්වල දී මියගිය පුද්ගලයන්ගේ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ඒමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් කොරෝනා ආසාදිතව මියගිය බව තහවුරු වී තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ දත්ත අනුව පසුගිය දින 04 දී කරාපිටිය මෘත ශරීරාගාරයට ලැබුණු මරණ අතරින් කොරෝනා ආසාදිත වූ මරණ 32න් 19ක් ම සිදුව ඇත්තේ නිවෙස්වල දී ය. මරණ 13ක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය අයගේය.

පසුගිය 13 වැනි දා මළ සිරුරු 12ක් කොරෝනා ආසාදිත බව හඳුනාගත් අතර ඉන් 08ක් ම නිවෙස්වල දී මියගිය අයගේය. 14 වැනි දා ද නිවෙස්වල දී මියගිය 08 දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගත් අතර එදින රෝහලේ දී මියගිය එක් පුද්ලයකුගේ මළ සිරුරක් පමණක් කොරෝනා ආසාදිත බව තහවුරු විය. 15 වැනි දා කොරෝනා ආසාදිත බව තහවුරු වූ මළ සිරුරු සංඛ්‍යාව 05ක් වන අතර ඉන් දෙදෙනකු නිවසේම මියගොස් සිටි අයයි. අනෙක් තිදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇති බව අධිකරණ වෛද්‍ය අංශය පවසයි. සඳුදා (16) කොරෝනා ආසාදිත මළ සිරුරු 06ක් වාර්තා වූ අතර ඒ අතරින් යක්කලමුල්ල ප්‍රදේශයේ නිවසක මියගිය පුද්ගලයකු ද සිටි අතර අනෙක් 05 දෙනාම රෝහලේ දී මියගිය අය වූහ.

Related articles

Recent articles

spot_img