-4.8 C
New York

ගුරු විදුහල්පති ගැටලු සාකච්ඡාවෙන් විසඳන බව නව අධ්‍යාපන ඇමති කියයි

Published:

ගුරු විදුහල්පති ගැටලුවට සාකච්ඡාමාර්ගයෙන් ඉක්මන් විසඳුමක් ලබාදෙන බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඔහු පවසන්නේ රටේ අනාගතය දරු පරපුර බව ගැඹුරින් අවබෝධ කරගෙන මේ ගැටලුව විසඳීමට කටයුතු කරන බවයි.

“මම කැමැත්තෙන් මේ ධූරයේ දිවුරුම් දුන්නා. ජාතියට සේවය කිරීමේ දී අපි පරිත්‍යාග හා ආදර්ශයන් ජාතිය වෙනුවෙන් කිරීමේ ක්‍රියාමාර්ගයට කැපවූ දේශපාලනයක නිරවෙනවා. අපි තනතුරු වෙනුවෙන් කැප වෙන්නේ නැහැ. රටේ ජනතාව වෙනුවෙන් කළ හැකි කර්තව්‍යයට කැප වෙනවා. ඒ නිසා ගුරු විදුහල්පතිවරුනේ ගැටලුව ඒ අදාල පාර්ශව සමඟ සාකච්ඡාකරලා විසඳන්න කටයුතු කරනවා.”

Related articles

Recent articles

spot_img