ස්වාධීන විමුක්ති බළකායක් වන තම සංවිධානය තම මව්බිම විදේශීය ග්‍රහණයෙන් මුදාගැනීමට නිදහස වෙනුවෙන් සටන් කළ බවත්, තමන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නොසිතන ලෙසත් තලේබාන් සංවිධානය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
මේ බව ප්‍රකාශ කර ඇත්තේ තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සහ ජාත්‍යන්තර සාකච්ඡාකරු වන සුහායිල් ෂහීන් සමඟ ඩේලිමිරර් පුවත්පතේ මාධ්‍යවේදී ඊශ්වරම් රත්නම් පැවැත්වූ සාකච්ඡාවක දී ය.
තම සංවිධානය කිසිම අවස්ථාවක එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සබඳතා පවත්වා නැති බවත් බෞද්ධ සිද්ධස්ථානවලට කිසිදු හානියක් නොකරන බවත් ඔහු එම සාකච්ඡාවේ දී පවසා තිබේ.
“ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ අපේ කිසිදු සම්බන්ධයක් නැහැ. අපි ස්වාධීන විමුක්ති බළකායක්. අපි වසර 20ක් තිස්සේ අපේ රට, ඇෆ්ගනිස්තානය නිදහස් කරගන්න සටන් කළා” යැයි ඔහු කියා තිබේ.
ෂහීන් දෝහා නුවර සිට ඩේලිමිරර් පුවත්පතට අදහස් දක්වා තලේබාන් සංවිධාන කාබුල් නුවර බලය අල්ලාගත් පසුවය.
ලොව උසම බුද්ධ ප්‍රතිමාව ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමාව පිහිටියේ ඇෆ්ගනිස්තානයේ බාමියන් නිම්නයේ ය. තලේබාන් සංවිධානය 2001 වසරේ මාර්තු මාසයේ දී එය විනාශ කළේය. මෙම පිළිමය ඇතුළුව එෛතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන සහ බිතු සිතුවම් යනාදි බොහෝමයක් තලේබාන් සංවිධානය අතින් විනාශයට පත්විය.
ශ්‍රී ලංකාවට බුදු දහම ගෙන ආ මිහිදු මහ රහතන් වහන්සේගේ පිය රජු වූ අශෝක අධිරාජ්‍යයාගේ මගධ රාජ්‍යයේ වැඩි කොටසක් වර්තමාන ඇෆ්ගනිස්ථාන භූමියේ පිහිටා තිබූ බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි
තලේබාන් සංවිධානය නැවත බලයට පැමිණීමත් සමඟ දැනට තිබෙන බෞද්ධ සිද්ධස්ථානවලට තර්ජනයක් එල්ල වනු ඇතැයි යන්න ඇතමකුගේ විශ්වාසය විය.
කෙසේ නමුත් තලේබාන් සංවිධානයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන පාලනයක් යටතේ බෞද්ධ සිද්ධස්ථානවලට කිසිදු හානියක් සිදුනොවන බව සුහායිල් ෂහීන් ඩේලිමිරර් පුවත්පත සමඟ පවසා තිබේ..
“බෞද්ධ සිද්ධස්ථානවලට කිසිදු තර්ජනයක් නැහැ. ඒවා අපි විනාශ කරනු ඇතැයි එල්ල වන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා” යැයි හෙතෙම කීය.
තලේබාන් සංවිධානය ත්‍රස්තවාදීන් ලෙස නොසලකන්න යැයි ද ඔහු මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
“අපි විමුක්ති සටන්කාමීන්. අපි ඔබේ මුතුන් මිත්තන් මෙන් නිදහස වෙනුවෙන් සටහන් කළා.රට වෙනුවෙන් සටන් කළා. අපි ත්‍රස්තවාදීන් නෙමෙයි. අපි අපිට විරුද්ධ හානිකර ප්‍රචාරක යාන්ත්‍රණයක ගොදුරක් බවට පත්වූ වින්දිතයන්” යැයි ද ඔහු තවදුරටත් කීවේය.
ඊස්වරන් රත්නම් (ඩේලිමිරර්)