කොරෝනා ආසාදිතයන් පිළිබඳ දෛනිකව ලබාදෙන දත්තවල අඩුවක් ඇති බවත් සැබෑ දත්ත ලැබුණු පසු මෙරට මරණ අනුපාතිකය අඩුවනු ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පවසයි.
රජය විසින් දෛනික ආසාදිතයන් පිළිබඳ ලබාදෙන දත්ත නිවැරදි නොවන බවත් හිතමතා හෝ සැළසුම් සහගතව හෝ එම දත්ත විකෘතිකර ඇතිබවත් අපි rata.lk සති කිහිපයක සිට සාධක සහිතව පෙන්වා දුන්නෙමු.
නමුත් රජය සිදුකළේ මාධ්‍ය මගින් පෙන්වන වරද නිවැරදි නොකර මාධ්‍යයට නිවැරදි දත්ත ලැබෙන සියලු මාර්ග වසා දැමීමට උත්සාහ කිරීමයි.
නමුත් රජය ප්‍රකාශ කරන නිල දත්ත අනුව මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය ලෝකයේ වැඩිම මරණ අනුපාතය බවත් එය සාමාන්‍ය මරණ අනුපාතය මෙන් පස් ගුණයකින් වැඩි බවත් රජයේ ම සංඛ්‍යාලේඛන දත්ත අනුව rata.lk අප ඇතුළු මාධ්‍ය ගණනාවකින් පෙන්වා දෙන ලදී.
ඒ අනුව තම දත්තවල වරද රට හමුවේ අනාවරණය වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය අද (16) එය පිළිගෙන තිබේ.
විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පවසන්නේ මෙය දත්ත වාර්තාකිරීමේ ගැටලුවක් විනා දත්ත සැඟවීමක් නොවන බවයි. දත්ත පද්ධතියේ සිදුවූ එම වරද නිවැරදි කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන් ගෙන්වා අවශ්‍ය අධ්‍යනයන් සිදුකරමින් සිටින බවත් හෙතෙම පවසයි.
ඒ අනුව වහාම එම වරද නිවරදි කරන බව ද විශේෂඥ වෛද්‍ය බටුවන්තුඩාව කීවේය.