-4.8 C
New York

“රට වහන ලෙස ජනපතිට ලිඛිතව දැනුම් දුන්නා” – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය. චන්න ජයසුමන කීවේ බොරු

Published:

දේශපාලන පටු අරමුණ සඳහා ක්‍රියාකරන්නන් රට වහන්න ඉල්ලා සිටිය ද රට නොවසන බවත් වෛද්‍යවරු ඇතුළු ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් පමණක් දැනුම් දෙන්නේ නම් රජය රට වැසීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසින් අනුරාධපුරයේ දී කරන ලද පුවත පදනම් විරහිත බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසන්නේ කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා රට වසා දැමිය යුතු බවට තම සංගමය විසින් ලිඛිතව ජනාධිපතිවරයාට යෝජනා කළ බවයි. මේ බව වරින් වර විවිධ සාකච්ඡාවල දී නිල වශයෙන් ප්‍රකාශ කළ බවත් අවසන්වරට පසුගිය 11 වැනි දා (බදාදා) ලිඛිතව ම දැනුම් දුන් බවත් වෛද්‍යවරිය කීවාය.

“ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෙස අපි සෑම විටම ජනාධිපතිතුමාට, සෞඛ්‍ය අමාත්‍යවරියට, සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට රට වැසිය යුතු බව දැනුම් දුන්නා. ඒ විතරක් නොවෙයි අපි සිදුකළ ලිඛිත දැනුම් දීම් අපේ සංගමයේ facebook පිටුවල පවා ප්‍රසිද්ධියට පත්කළා. යම් කිසි කෙනෙක් කියනවානම් වෛද්‍යවරු ඇතුළු ක්ෂේත්‍රයේ විශේෂඥයන් රට වහන්න කියා ඉල්ලීම් කර නැති බව එය සත්‍යයක් නොවෙයි. අපිප විතරක් නොවෙයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘතීන් නියෝජිතයන් රට වහන්න කියා ඉල්ලුවා.” විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මේ පව ප්‍රකාශ කළේ අද (16) කෙළඹ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.  

Related articles

Recent articles

spot_img