-5.9 C
New York

කොරෝනා මර්ධනය දෙවියන්ට භාර දෙන බව කියූ කෙහෙළියට සෞඛ්‍ය අමාත්‍යාංශය දෙයි

Published:

කැබිනට් සංශෝධනයක් සිදුකරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල පත්කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද පත්කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙතෙක් කටයුතු කළ ජී.එල්.පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා‍ ලෙස පත්කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යධූරයට පත්කර තිබේ.

පසුගිය දා කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේ දී එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ කොරෝනා මර්ධනයේ ඉතිරි කොටස දෙවියන්ට භාරදෙන බවයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයෙන් ම දැඩි විරෝධතාවක් එල්ලවිය.

Related articles

Recent articles

spot_img