-2.1 C
New York

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නවතී

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනියේ 11.00ට ගනුදෙනු ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද අද සිට හඳුන්වාදීමට නියමිතව තිබුණ Delivery versus payment (DVP) පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලු හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අද දහවල් 12.00 වනතුරු ආරම්භ කිරීමට නොහැකිව තිබේ.

මෙම ක්‍රමවේදය හඳුන්වාදීම සඳහා තවත් කාලක් ලබාදෙන ලෙස ආයෝජකයන් සහ බොහෝ තැරැව්කාර සමාගම් ඉල්ලා සිටිය ද කොළඹ කොටස් වෙළෙඳ පොළ බලධාරීන් විසින් තීරණය කර තිබුණේ අද (16)  සිට එම නව ක්‍රමවේදය හඳුන්වාදෙන බවයි.

කෙසේ වුව ද තම ගනුදෙනු කටයුතු නිසි පරිදි ආරම්භකිරීමට නොහැකි වීමෙන් බො‍හෝ ආයෝජකයන් තම තැරැව්කරුවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටින බවත් මෙවැනි ප්‍රමාදවීම් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිබවත් ආයෝජකයෝ ප්‍රකාශ කර සිටිති.

අයන් 01 නමින් නම්කර ඇති පරිගණක පද්ධතියක් හරහා මෙම DPV ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතර තැරැව්කාර සමාගම් 14ක් එමගින් ගනුදෙනු සිදුකිරීමට නියමිතය.

මේ වනවිට එම පරිගණක පද්ධතිය අවහිරවීම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අද දිනයේ ආරම්භ කිරීමට නොහැකි තත්වයක් මතුව ඇත.

නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img