9.9 C
New York

දැඩි සත්කාර ඒකකත් උපරිමයට ඇවිත්. ඉතිරිව ඇත්තේ ඇඳන් 25යි

Published:

මෙරට රෝහල්වල කොරෝනා ආසාදිත රෝගීන් සඳහා වෙන්කරන ලද දැඩි සත්කාර ඒකකයන් හි අද (16) උදෑසන වනවිට ඉතිරිව ඇත්තේ ඇඳන් 25ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ පවසයි.

අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසන්නේ දැඩි සත්කාර ඒකක ඇඳන් 215ක් කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා වෙන්කර තිබූ අතර ඉන් ඇඳන් 190ක ම මේ වනවිට රෝගීන් සිටින බවයි.

එම ඇඳන් 215න් 189ක් රජයේ රෝහල්වල පිහිටි දැඩි සත්කාර ඒකක ඇඳන් බවත් 26ක් පුද්ගලික අංශයේ බවත් ඔහු කීවේය.

Related articles

Recent articles

spot_img