රෝගාතුරව සිටින තම පියා සමඟ කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටුවක දින කහිපියක් ගත කළ චින්තක දේශප්‍රිය නම් සහෘදයකු තැබූ අනුවේදනීය සටහනක් ඔබේ දැනුම්වත්වීම සඳහා මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.
මම මේ වාට්ටුවේ ගත කරන තුන්වෙනි දවස අද. මේ වාට්ටුවේ විතරක් කොරෝනා රෝගීන් වෙනුවෙන් ඇඳන් 08ක් තියෙනවා. මම ඇවිල්ලා ගෙවුණු දවස් 03ට. මේ ඇඳන් 08 හි හිටපු අපි වගේම අපේම මිනිස්සු 05 දෙනෙක් මගේ ඇස් ඉදිරිපිට දී ම තම ඇස්දෙක පියාගත්තා.
සංඛ්‍යාලේඛන කොහොම හැදුවත් ඇඳන් 08ක මරණ 05ක් දින තුනක දී සිදුවුණා කියන්නේ අපි කොතරම් බැරෑරුම් තත්ත්වයක ඉන්නවා ද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑ.
මියගිය අය අතර ගැහැනු, පිරිමි, වයසක, තරුණ හැම වර්ගයකම අය ඉන්නවා. කරාපිටියේ හැම වාට්ටුවකම කොරෝනා ආසාදිතයන් ඉන්නවා. වාට්ටු 04ක් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ම වෙන්කරලා. ඒ විතරක් නෙවෙයි දැඩි සත්කාර ඒකකයක් පවා වෙන්කරලා තියෙනවාව. මේ හැම තැනම කොරෝනා රෝගීන්.
කොරෝනා රෝගීන්ට දකින්න, අහන්න ලැබෙන්නේ තමන්ගේ ළඟ ඉන්න අනෙක් රෝගියාගේ මරණය. එවිට ඔවුන්ට ඇතිවෙන්නේත් තමන්ගේ ජීවිතය පිළිබඳ භියක්. අපි ඔක්කොම ඉන්නේ කොතරම් බරපතල තත්වයක ද කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ.
මේ විදියට මැරිලා යන්නේ තව කාලයක් ජීවත්වෙලා ඉන්න හැකියාව තිබුණු මිනිස්සු.
වාට්ටුවේ ඉන්න දොස්තර මහත්වරු, නර්ස් නෝනලා මේ ජීවිත බේරගන්න ලොකු දුකක්, මහන්සියක් විදිනවා. අපේ භාෂාවෙන් කිව්වොත් ලොකු කට්ටක් කනවා මේ මිනිස්සු ගොඩදාන්න.
මට ඔබ සැමගෙන් ඉල්ලන්න තියෙන ලොකුම දේ තමයි ඔබේ කවුරුන්ම හරි කොරෝනා හැදිලා රෝහලක ප්‍රතිකාර ගන්නවානම් එයාගේ සාත්තුවට අනිවාර්යයෙන් ම තවත් කෙනෙක් වාට්ටුවේ සිටිය යුතුමයි. රෝහලේ ඉන්න කෙනාගේ ජීවිතයට ආදරයක් තියෙනවානම් එය කළ යුතුමයි.
මගේ ඇස් ඉදිරිපිට මියගිය 05 දෙනාගෙන් 04 දෙනකුම ළඟ කවුරුවත් නැතිව තනියම ප්‍රතිකාර ගත්ත අය. කොරෝනා කියන්නේ මුළු ශරීරය ම දුර්වල කරන වයිරසයක්. ගොඩක් දෙනා මේ වයිරසයෙන් මැරෙන්නේ තමන්ගේ වැඩ කරගන්න බැරිව. තිබහට වතුර ටික්ක බොන්න බැරුව වගේ. බඩගින්නට එයාලට තනියම කන්නවත් බෑ.
නහයට සවිකරන ඔක්සිජන් බටේ පොඩ්ඩක් එහා මෙහා වුණොත් ඒක සවිකරන්න කෙනෙක්නෑ. ඉතින් ඒ වගේ දේවල් නිසා තමයි මේ අය මැරෙන්න. ඒ නිසා පුළුවන් තරම් පෙරස්සෙම් වෙන්න.
(මෙම සටහන උපුටාගන්නා අවස්ථාව වනවිට චින්තක දේශප්‍රියගේ පියා මෙළොව හැරගොස් සිටියේය)