ඉන්දියාවේ නිදහස් දිනය වෙනුවෙන් ගාල්ල කොටුව අද (15) ඉන්දියාවේ ජාතික ධජයේ වර්ණවලින් ආලෝකවත් විය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙලෙස ගාලු කොටුව ආලෝකවත් කර ඇති අතර මාතර නගරයේ ඉන්දියාවේ අනුග්‍රහයේ ඉදිකර ඇති රවීන්ද්‍රනාත් තාර්ගෝ රංග ශාලාව ද ආලේකවත් කර ඇත.
අද (15) දිනට යෙදී ඇති ඉන්දියාවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනතා සහභාගීත්වයකින් තොරව එය සැමරීම සඳහා මෙලෙස ශ්‍ර්‍රී ලංකාව නගරවල ඇති ගොඩනැගිලි කිහිපයක් ඉන්දීය ධජයේ වර්ණවලින් ආලෝකවත් කෙරිණි.
ගාල්ල කොටු පවුර සහ මාතර රවීන්ද්‍රනාත් තාර්ගෝ රංග ශාලාව ආලෝකවත් කරන ලද්දේ ගාල්ලේ පදිංචි මහේෂ් ප්‍රිමිතිලාල් විසින්. ඔහු පවසන්නේ ගාල්ල ඕලන්ද බළකොටුව අලෝකවත් කිරීම සඳහා LED ආලෝකකරණ පද්ධති 204ක් යෙදූ බවයි.




