-4.8 C
New York

දෛනික මරණ වාර්තාව තවත් ඉහළට. සමස්තය 6,000 ඉක්මවයි

Published:

කොරෝනා ආසාදිතව ඊයේ (14) දිනයේ දී මෙරට පුද්ගලයන් 161 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

මියගිය 161 දෙනාගෙන් 83 දෙනකු පිරිමි පුද්ගලයන් වන අතර 78 දෙනෙක් කාන්තාවෝ වෙති.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ වයස අවුරුදු 30ට අඩු එක් කාන්තාවක්, වයස අවුරුදු 30ත් 59 අතර පිරිමි පුද්ගලයන් 22ක් හා කාන්තාවන් 16ක්, වයස අවුරුදු 60 හෝ ඊට වැඩඩි පිරිමි 61ක් සහ කාන්තාවන් 61ක් මෙලෙස මියගොස් ඇති බවයි.

මේ වනවිට මෙරට සිදුවූ මරණ 6,096ක් නිල වශයෙන් වාර්තා කර තිබේ.

Related articles

Recent articles

spot_img