කොරෝනා මර්ධන එන්නත් ලබාගෙන සිටි දෙදෙනකු කොරෝනා වැළඳී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (14) මියගියහ.
වෛද්‍යවරු පවසන්නේ ශ්‍රී ලකාවේ එන්නත්කරණ වැසඩහනට කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් අනුගමය නොකරමින් පැමිණෙන ජනතාවට මෙය පාඩමක් විය යුතු බවයි. මේ වනවිට එන්නත් ලබාදෙන ස්ථානය බොහොමයක මීටරයක දුරස්ථභාවය හෝ නිසි පරිදි දක්නට නැත. එමෙන්ම එක් එන්නත් මාත්‍රාවක් ලබාගත් පමණින් තමන්ට කොරෝනාවලින් ආරක්ෂාවක් ඇතැයි සිතුව ද එය එසේ නොවන බවට මේ මරණ දෙක උදාහරණයක් බව ද වෛද්‍යවරු පෙන්වාදෙති.
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් වරයෙකි. 56 හැවිරිදි වියේ සිට ඔහු පසුගිය ජූලි 09 වැනි දා කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබිණි. දෙදරු පියකු වන ඔහු රෝගාතුර වීම හේතුවෙවන් අගෝස්තු මස 07 වැනිදා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි. එහිදී කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිත අයකු බවයි. ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ඊයේ (14) මියගියේය. ඉන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ද කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබණි.
කිතුලම්පිටියේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් පසුගිය අගෝස්තු 05 වැනි දා කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබිණි. අධි රුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝගවලින් ද පීා විඳිමින් සිටි ඇය එන්නත ලබාගැනීමෙන් පසු කැස්සක් හටගෙන තිබේ. මෙය උත්සන්න වීම හේතුවෙන් පසුගිය 10 වැනි දා ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. එහි දී ශ්වසන අපහසුතා ද හටගත් ඇය ඊයේ (14) මියගියාය. ඇය ද කොරෝනා ආසාදිත කාන්තාවකි.
මෙම මරණ පරීක්ෂණ දෙකම ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න විසින් සිදුකළ අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා මර්ධන එන්නත ගත් බොහෝ පුද්ගලයන් තමන් සුරක්ෂිතයැයි සිතා සිටිය ද එය යථාර්ථ්‍යක් නොවන බව මෙයින් තහවුරු වන බවයි.