වියත් මග නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වී රාජ්‍ය අමාත්‍යධූරයක් දරන චන්න ජයසුමන හදිසියේම සිහිනයකින් අවදිවූවාක් මෙන් “වෛද්‍යවරු නිර්දේශ ලබාදෙන්නේ නම් රට ලොක්ඩවුන් කිරීමට රජය සූදානම්” යැයි අද (15) අනුරාධපුරයේ දී මාධ්‍ය හමුවේ කියා සිටියේය.
ඔහු පවසන්නේ රජය විසින් සියලු තීන්දු තීරණ ගන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව බවයි.
අප දන්නා පරිදි මෙරට වෛද්‍ය විශේෂඥයන්, සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධිත වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන්, සෞඛ්‍ය වෘත්තීය සමිති පවා රට ලොක්ඩවුන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ප්‍රමුඛ රජයෙන් අවස්ථා කහිපයක දී ම ඉල්ලා තිබිණි.
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඒ බව නොදැන සිටීම පුදුමයකි.
ඔහු මෙසේ ද කීවේය.
“වසංගත රෝග විද්‍යා ඒකකය තියෙනවා. කොවිඩ් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධන බළකායක් තියෙනවා. ඒ වගේම ඊට පරිබාහිරව කටයුතු කරන විවිධ අධ්‍යයන ආයතන, වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. එතකොට අපිට නිල වශයෙන් දෙන උපදෙස් නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. හැබැයි දේශපාලන බලවේගවල බළල් අත් හැටියට වැඩකරන ඇතැම් පුද්ගලයෝ ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න. රට වහන්න සෞඛ්‍ය අංශවලින් නිල වශයෙන් අපිට උපදෙස්, නිර්දේශ ලැබෙනවා නම් එය ක්‍රියාවට නංවන්න අපි පැකිලෙන්නේ නෑ. ඒ වගේම එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවන්වෙන මිනිස්සුන්ටත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ.”