spot_img
spot_imgspot_img

කොරෝනා මරණවලින් ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තියයි. රජයේ ලේඛන අනුව පැහැදිලියි

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය සම්බන්ධයේන ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන නිල ලේඛන අනුව ලෝකයේ කොරෝනා මරණ අනුපාතය වැඩිම රට බවට මේ වනවිවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ලෝකයේ කිසියම් රටක් වසංගතය ව්‍යාපත්වීම වැළැක්වීම සඳහා විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කරන්නේ නැත්නම් රටේ සමස්ත ජනගහනයෙන් 60%ක්  ආසාදිතයන් වට පත්වන බවත් ඉන් 1%කට ආසන්න පිරිසක් මියයන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ සෞඛ්‍ය විශේෂඥයන්ගේ පුරෝකථනයයි.

එය මේ වනවිට සමස්ත ලෝකයම තැතිගැන්මකට ලක්කරමින් 5% ඉක්මවන තත්වයකට පත්ව ඇත.

ඒ අනුව, වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් පිළිගත් විද්‍යාත්මක ක්‍රමවලින් බැහැරව කටයුතු කරන ශ්‍රී ලංකාවේ ලක්ෂ 120ක් පමණ කොරෝනා ආසාදනයට ගොදුරුවනු ඇති බවත්, 125,000ක් මියයා හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්වරයකු වන වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේය. ඔහු එහි දී කියා සිටියේ නිසි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන්නේ නම රෝගී වන සංඛ්‍යාව සහ මියයන සංඛ්‍යාව බොහෝ අඩුකර ගත හැකි බවයි.

නමුත් එම අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළේ ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ නිල සෞඛ්‍ය දත්ත ගෙනහැර දක්වමින් කරන ලද පුරෝකථනය අසත්‍ය බව ප්‍රකාශ කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය මගින් පරීක්ෂණයක් ද පැවැත්වීමයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ දෛනික ආසාදිතයන්ට සාපේක්ෂව මරණ අනුපාතය 5%ක් වැනි ඉතා ඉහළ අගයයකට පත්ව ඇත්තේ වෛද්‍ය චමල් සංජීව එදා පැවසූ පුරෝකථනය පවා ඉක්මවා යමිනි.

මේ අනුව වෛද්‍ය චමල් සංජීව පමණක් නොව මෙරට සිටින විශේෂඥයන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු අඟවන්නේ ශ්‍රී ලංකාවේ තත්වය ඉතාමත් භයානක තැනක තිබෙනබවයි. මේ හේතුවෙන් ඉදිරි කාලයේ දී මෙරට මරණ නොසිතූ ලෙස වැඩිවිය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

විශේෂඥයන් පවසන්නේ තවමත් ශ්‍රී ලංකාව පසුවන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ ආරම්භක අවදියේ බවයි. එබැවින් මෙය පාලන කිරීමට තවමත් හැකියාව ඇති නමුත් විද්‍යාත්මක පාලනයක් සිදු නොකළහොත් තවත් සති දෙකක දී ශ්‍රී ලංකාව තැන තැන මීනී ගොඩගැසෙන තත්වයකට පත්වනු ඇති බව ද ඔවුහු කියති.

ශ්‍රී ලංකාවේ අගොග්ස්තු 10 වැනි දින වාර්තා වූ රෝගීන් සහ සිදුවී ඇතැයි රජය ප්‍රකාශ කළ මරණ සංඛ්‍යාව අනුව එදින මෙරට මරණ අනුපාතය 4.37%කි. අගෝස්තු 11 වැනි දා එම අනුපාතය 5.22% වේ. ඉන් පසු 12 වැනි දා මරණ අනුපාතය සටහන්ව ඇත්තේ 5.1% ලෙසිනි. 13 වැනි දා සිදුවූ මරණ හා වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව අනුව මරණ අනුපාතය 5.07% වේ. අන් රටවල මෙන් ශ්‍රී ලංකවේ කොරෝනා හේතුවෙන් මියයන ප්‍රමාණය පස් ගුණයකින් පමණ වැඩි වී ඇති බව රජයේ දත්ත අනුව පැහැදිලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!