-5.9 C
New York

ව්‍යාපාරිකයෝ අම්බලන්තොට නගරය වසා දමති

Published:

අම්බලන්තොට නගරය හා ඒ අවට ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හෙතුවෙන් හෙට (15) සිට අම්බලන්තොට නගරයේ සියළු වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.

එම සංගමය පවසන්නේ කොරෝනා බහුලව වාර්තාවන ප්‍රදේශවල පදිංචි ජනතාව නිතරම නගරයට පැමිණෙන බැවින් මෙම තීරණය ගත් බවයි. හෙට සිට සියළු වෙළෙඳ සැල් සතියක පමණ කාලයක් වසා තබන බවත් ඉන් පසු කොරෝනා තත්වය පිළිබඳ සළකා බලා ඉදිරි තීරණ ගන්නා බවත් එම සංගමයේ ලේකම් ඒ.එච්.ප්‍රේමචන්ද්‍ර මාධ්‍යවේදීන්ට කීවේය.

Related articles

Recent articles

spot_img