-2.1 C
New York

දෛනික මරණ ගණන 160ක්

Published:

මෙරට දිනක දී වාර්තා කරන ලද වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අද (14) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් වාර්තා කර තිබේ. එම වාර්තාවේ දැක්වෙන්නේ ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 160ක් මියගොස් ඇති බවයි.

ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5,935ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 87 දෙනකු සහ කාන්තාවන් 73දෙනකු වාර්තා වෙයි. ඒ අතරින් වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයකු, වයස අවුරුදු 30-59ත් අතර පිරිමි 22ක් හා කාන්තාවන් 13ක් වාර්තා වෙයි. වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පිරිමි 64ක් හා කාන්තාවන් 60ක් මියගොස් ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

Related articles

Recent articles

spot_img