-5.2 C
New York

රංග භූමිය එකලු කළ ගුරු මාතාව දැයෙන් සමුගනී

Published:

මහින්ද විද්‍යාලයීය නාට්‍ය කණඩායම රාජ්‍ය නාට්‍ය උළලේ අවසන් වටය දක්වා ගෙන යමින් ශ්‍රී ලංකා පාසල් නාට්‍ය ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ නාට්‍ය හා රංග කලා ගුරුවරිය වූ රේණුකා වන්නිආරච්චි ගුරු මාතාව අද (14) සවස දැයෙන් සමුගත්තාය.

මියයන විට 52 වැනි වියේ පසු වූ ඇය ගාල්ල මීපාවල අමරසූරිය විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය ලෙස සේවය කරමින් සිටියාය.

මෙරට ප්‍රකට නාට්‍ය කරුවකු මෙන්ම මහින්ද විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ගුරුවරයකු වන රණසිංහ අධිකාරීගෙග් බිරිඳ වන රේණුකා වන්නිආරච්චි, රවිඳු අධිකාරී සහ ධවිෂ්ක අධිකාරී දෙදෙනාගේ මවයි. මහින්දයේ ඉගෙනුම ලැබූ රවිඳු මේ වනවිට  Informatics Institute of Technology (IIT) හි උසස් අධ්‍යාපනය ලබයි. ධවිෂ්ක තවමත් මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබයි. මේ පුතුන් මෙරට ප්‍රචලිත “අයියයි මල්ලියි” නමැති youtube නාලිකාවේ නිර්මාණ කරුවන් දෙදෙනාය.

කාලයක සිට රෝගාතුරව සිටි රේණුකා වන්නිආරච්චි ගුරු මාතාවගේ අවසන් කටයුතු හෙට (15) දිනයේ දී සිදුකිරීමට නියමිතය.

රේණුකා ගුරු මාතාවගේ පුතුන් දෙදෙනා විසින් “අම්මා” පිළිබඳ කරන ලද වීඩියෝව

Related articles

Recent articles

spot_img