-5.9 C
New York

ගාල්ලේ කොරා්නා සිරුරු ආදාහනයට ඉඩ නැති වෙයි. කරාපිටියට දින දෙකට මරණ 21ක්

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඊයේ (13) සහ අද (14) ලැබුණු මළ සිරුරු අතරින් මළ සිරුරු 21ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මේ වනවිට ගාල්ල මහ නගර සභාව සහ අවට ප්‍රාදේශීය සභාවන්හි ඇති ආදාහනාගර උපරිම ධාරිතාවෙන් මළ සිරුරු ආදාහනය කරන බැවින් මෙම සිරුරු ආදාහනය කිරීම සඳහා වේලාව වෙන්කරගැනීම ද ගැටලුවක් වී ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

ඊයේ (13) දිනයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබුණු මළ සිරුරු 12ක් අතරින් 09ක් ම කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි.

අද (14) දිනයේ දී කොරෝනා ආසාදිත බව තහවුරු කෙරුණු මළ සිරුරු 12ක් ලැබී ඇත. එම 12 අතරින් 08 දෙනකුම මියගොස් ඇත්තේ රෝහල්ගත කිරීමට පෙර නිවෙස්වල දී වීම විශේෂත්වයකි.

අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකයකු කියා සිටියේ ආදාහනාගාරවල සිදුකරන සාමාන්‍ය ආදාහන කටයුතු අතරතුර කොරෝනා මළ සිරුරු ආදාහනය සඳහා මීට පෙර ඉඩ වෙන්කර ගැනීමේ අපහසුවක් නොවුන ද මේ වනවිට දෛනික මරණ සංඛ්‍යාව වැඩි වී ඇති බැවින් කොරෝනා සිරුරු පැය 24ක් ඇතුළත ආදාහනය කිරීම ගැටලුවක් ව ඇති බවයි.

Related articles

Recent articles

spot_img