-4.8 C
New York

“රට වහන්න යැයි යළි ඉල්ලන්නේ නෑ. අපි විසින්ම සීමා දමා ගනිමු” – PHI සංගමය

Published:

“අතිශය භයානක ඩෙල්ටා ප්‍රභේදයේ ආරම්භක අවස්ථාවේ දී ම විශාල වශයෙන් රෝගීන් සහ මරණ වාර්තාවීම නිසා මේ තත්වය පාලනය කිරීමට රට කෙටි කාලයකට හෝ වසා දමන්න යැයි අපි ර‍ජයෙන් ඉල්ලා සිටියත් එයට සිදුවුණේ නැහැ. ඒ නිසා තවදුරටත් අපි ඒ ඉල්ලීම කරන්නේ නැහැ. දැන් ඉතින් අපිට තියෙන්නේ අපි විසින්ම සීමා පනවා ගැනීම පමණයි” යනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඔහු පවසන්නේ රට තුළ කොරෝනා පාලනය කරගැනීම ස්වයං විනයක් සහිතව ස්වයං සංචරණ සීමා පනවා ගත යුතු බවයි.

එහි දී ඔහු මෙසේ ද කීවේය.

“අපි මින් ඉදිරියට සංචරණ සීමා ගැන රජයට බලකරන්නේ නැහැ. අපි රටවැසියන්ගෙන් ආයාචනා කරනවා නිවෙස්වලට අවශ්‍ය බඩු බාහිරාදිය රැස්කරගෙන නිවෙස්වලට වී ඉන්න කියලා. රජය සීමා යොදන්නේ නැතිනම් අපි අපි විසින්ම සීමා දාගෙන ආරක්ෂා විය යුතුයි. මේ රටෙන් රෝගය තුරන්කිරීම සඳහා අපි වගකීමෙන් කටයුතු කරමු. අපිට අවසානයට කියන්න තියෙන්නේ කාමරවලින් එළියට ඇවිත්, මියයන මිනිස්සු සහ රෝගීවන අය නිසා දුක්වෙන මිනිස්සු ගැන අවබෝධයේන ඉදිරියට තීරණ ගන්නවා නම් මේ රට ලස්සන වේවි.”

Related articles

Recent articles

spot_img