ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා අඛණ්ඩව ව්‍යාප්තවන බැවින් වානර සතුන්ට ද කොරෝනා එන්නත ලබාදීමට ද කටයුතු කරමින් තිබේ.
ජෝර්ජියාවේ චිම්පන්සි අභයභූමියක සතුන් ද මෙලෙස එන්නත්කරණයට සූදානම්වන අතර වසංගතයෙන් වානර සතුන් බේරාගැනීම සඳහා මෙය සැළසුම් කර තිබේ.
චිම්පන්සි අභයභූමියේ විධායක අධ්‍යක්ෂ අලි ක්‍රම්පකර් පවසන්නේ පශු වෛද්‍යවරයා සහ තවත් සත්වෝද්‍යාන නිලධාරීන් කිහිප දෙනකු මේ සඳහා යොමුකර ඇති අතර මීට පෙර ද මෙම සතුන් ආරක්ෂා කරගැනීමට ගෙන ඇති පූර්වාරක්ෂක ක්‍රියාවන් අනුව එසේ කිරීමට දැඩි අවශ්‍යතාවක් නොමැති බවයි.
මේ වසංගතයේ ආරම්භයේ සිට මිනිසුන්ගේ ආරක්ෂාව යටතේ සහ වනාන්තරයේ නිදහස්ව සිටින විශාල වානරයන් පිළිබඳ විද්‍යාඥයන් දැඩි කනස්සල්ලට පත්ව සිටියි. චිම්පන්සින්, ගෝරිල්ලන්, ඔරංඔටන් ඇතුළු සියලුම වානර සතුන් විශාල ජනගහනයක් මෙවැනි ශ්වසන ආසාදන මගින් විනාශ කර දමා ඇති බව විද්‍යාඥයන්ගේ අදහසයි.
කොරෝනාවලින් වානර සතුන් ආරක්ෂාකර ගැනීම සඳහා ලෝකයේ සෑම සත්වෝද්‍යාන, අභයභූමි සහ ජාතික වනෝද්‍යාන ඔවුන්ගේ විශාල වානරයන් ආරක්ෂා කරගැනීමට දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබිණි.
කෙසේ වෙතත් ශාන්ත ඩියාගෝ සත්වෝද්‍යානයේ සෆාරි උද්‍යානයේ ගෝරිල්ලන් 08 දෙනකුට ජනවාරි මාසයේ දී කොරෝනා වැළඳී තිබිණි.
ඔවුන්ගේ දිවි ගැලවුණ ද පෙබරවාරි මාසයේ දී ඔරංඔටං 09 දෙනකු ඇතුළු තවත් සතුන් කිහිප දෙනකු ආසාදිත වී තිබිණි.
ඉන්පසු ෆයිසර් සමාගමේ මෙහෙයවීමෙන් කොරෝනා මර්ධන එන්නත් ලබාදෙනු ලැබීය. පරීක්ෂණවල දී තහවුරු වූයේ එම එන්නත්කරණය සාර්ථක වී ඇති බවයි.
මේ අනුව ඉදිරියේ දී සත්වෝද්‍යානවල සහ අභයභූමිවල සිටින වානර සතුන් සඳහා එන්නත් ලබාදීමට දැන් කටයුතු සූදානම් කරමින් සිටියි.