spot_img
spot_imgspot_img

රෝගීන් වැඩි වෙද්දී ඉන්දියාවෙන් ඔක්සිජන් ගෙන්වයි

පුවත්

විදෙස්

වැඩිවෙමින් පවතින කොරෝනා ආසාදිතයන්ට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාව සඳහා ඉන්දියාවෙන් එළැඹෙන සතියේ දී ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

ශ්‍රී ලංකාව පුරාම රෝගීන් විශාල වශයෙන් වාර්තාවන අතර මේ වනවිට රෝහල් රැසක උපරිම ධාරිතාව ඉක්මවා රෝගීන් සිටිති. එමෙන්ම ඔවුන් අතරින් විශාල පිරිසකට ඔක්සිජන් අවශ්‍යතාව ඇතිබව ද වෛද්‍යවරු කියති.

මීට පෙර රජය කියා සිටියේ මෙරට රෝහල්වලට අවශ්‍යතරම් ඔක්සිජන් රට තුළ තිබෙන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු මෙරට විශේෂඥයන් පිරිසක් අවම වශයෙන් කෙටි කාල සීමාවකට හෝ රට වසා දමන්න යැයි පෙරේදා (12) රජයට විශේෂ වාර්තාවක් භාර දෙමින් යෝජනා කර තිබුණ ද ඊයේ (13) කොවිඩ් මර්ධන කමිටුවේ දී තීරණය වූයේ රට නොවසා එන්නත්කරණය වඩාත් වේගවත් කර කොරෝනා මර්ධනය කරන බවයි.

ඒ සඳහා දැඩි සංචරණ සීමා ද පැනවීමට ඊයේ තීරණය කරන ලදී.

මේ වනවිට වැඩිවන රෝගීන්ගේ අවශ්‍යතා සඳහා ඔක්සිජන් ඉන්දියාවෙන් ගෙන්වීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!