දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ ඇඳන් ධාරිතාව ඉක්මවමින් මේ වනවිට රෝහල් හා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් පිරී සිටින අතර කොරෝනා ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ රෝහල්වලට ඇතුළත් නොකර නිවෙස්වලම සිටිති.
දකුණේ කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර තිබූ සමස්ත ඇඳන් ධාරිතාව වන්නේ 2,476කි. නමුත් දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කරනු ලබන වාර්තාව අනුව මේ වනවිට ආසාදිතයන් 2,573ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
එම වාර්තාවට අනුව මේ වනවිට කොරෝනා ආසාදිතව සුව නොවූ සංඛ්‍යාව 7,861කි. 2,573ක් රෝහල්ගතව සිටින බැවින් දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් 5,288ක් රෝහල්වල ඇඳන් නොමැතිවීම හේතුවෙන් නිවෙස්වලට ම වී සිටිති.