“මිනිසුන්ගේ ඉරණම තීරණය කරන්න වෙලා තියෙන්නේ මිනිසුන්ටමයි. එසේ තීරණ ගැනීමට ඒ අයට උදව්කරන්න බැරි රජයක් තියෙනවානම් රජයෙත්, එවැනි උදව් කළ නොහැකි ඇමතිවරුත් ඉල්ලා අස්විය යුතුයි” යැයි ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක අද (13) ගාල්ලේ දී කීවේය.
ඔහු මේ බව කියා සිටියේ ගාලු උරුමය පදනමේ පැවැති වශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“මේ වසංගත අවස්ථාව ඉත්මත් අවදානම්. එවැනි අවස්ථාවක දී අපි එකිනෙකාට ඇඟිල්ල දික්කරගෙන දොස් පවරනවාට වඩා සියලු දෙනා ම එකතු වී මේ වසංගතයෙන් රට මුදවාගත යුතුයි. දැන් මිනිස්සු ඉන්නේ මරණ භයින්. ඒ අය ඉල්ලන්නේ ජීවිතය. අපිප මිනිස්සු තව තවත් මරණ භය වෙතම තල්ලුකරන්න හොඳ නෑ. මේ රජය තුළ ඒ වගකීම දරන්න බැරි අය ඉන්නවානම් ඒ අය ඉල්ලා අස්විය යුතුයි. අපි මුළින්ම මේ වසංගතය නැති කරන්න ඕනේ. ගුවන්තොටුපොළ වැනි තැන් නැවත විවෘත කළොත් අපිට තවත් වයිරස ප්‍රභේද පැමිණිය හැකියි. ඒ වගේ තමයි රෝහල්වලින් අපිට ලැබෙන ආරංචි කොවිඩ් රෝගින් වැඩිවෙලා රෝහල් පිරිලා මේවට උදව්කරන්න වැඩපිලිවෙළක් තියෙන්න ඕන. ඒ කාර්ය මණ්ඩල බලා ගන්න අගය කරන්න රැක ගන්න නිසි වැඩපිලිවෙළකුත් ඇති කරන්න ඕන. ඒ වගේම පුරවැසියන් වශයෙන් අපි සතු වගකීමත් අපි ඉටුකළ යුතුයි” යැයි ද ඇමතිවරයා පැවසීය.
වසංගතය පාලනය කිරීම දේශපාලනඥයන් නොකළ යුතුයි. ඒක කරන්න ඕනෑ සෞඛ්‍ය අංශ විසින් යැයි ද අමාත්‍යවරයා කීවේය.