spot_img
spot_imgspot_img

twitter ජාලය ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට පහර දෙනවා

පුවත්

විදෙස්

ට්විටර් ජාලය ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට පහර දෙන බවට ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි චෝදනා කරයි. තම ට්විටර් ගිණුම ඇතුළු ඉහළ පෙළේ ඉන්දියානු නායකයින් කිහිපදෙනකුගේ ගිණුම් වසා දැමීම හේතුවෙන් ඔහු මේ බව පවසා තිබේ.

දිල්ලි අගනුවරදී දූෂණය කර මරා දැමූ බව කියන නව හැවිරිදි දරුවාගේ දෙමව්පියන්ගේ ඡායාරූපයක් ඔවුන් ට්විටර් කිරීමෙන් පසු එම ගිණුම් වසා දමා ඇත.

ඉන්දියානු පාලක පක්ෂයේ නියෝග මත ට්විටර් ක්‍රියා කරන බවට කොංග්‍රස් පක්ෂය චෝදනා කරන නමුත් ට්විටර් පවසා ඇත්තේ ඡායාරූපය ඔවුන්ගේ පෞද්ගලිකත්ව නීති උල්ලංඝනය කළ බවයි. එම නීති සාධාරණව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක වන බවත් ඔවුන් පවසා ඇත.

තම ට්විටර් ගිණුමේ මිලියන 20 කට ආසන්න පිරිසක් සිටින බැවින් එය වසා දැමීම තුළින් ට්විටර් ජාලය ඉන්දියාවේ දේශපාලන ක්‍රියාවලියට බාධා කරන බව සිකුරාදා(11) වීඩියෝ පණිවිඩයක් මඟින් ගාන්ධි පැවසීය.

” මගේ ට්විටර් ගිණුමේ අනුගාමිකයන් මිලියන 19-20 ක් සිටිනවා. ඔබ ඔවුන්ට මතයක් දැරීමේ අයිතිය ප්‍රතික්ෂේප කරනවා. ඔබ කරන්නේ එයයි, මෙය හුදෙක් රාහුල් ගාන්ධිගේ ගිණුම වසා දැමීම පමණක් නොවේ.” ඔහු පැවසීය.

දිල්ලි අගනුවරදී හින්දු පූජකයෙකු සහ ඔහුගේ සගයන් විසින් දූෂණය කර මරා දැමූ බව කියන නව හැවිරිදි දලිත් දැරියගේ දෙමව්පියන් සමඟ ගාන්ධි මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ පසුගිය අගෝස්තු 4 වන දින ඔහු එම නිවසට ගිය අවස්ථාවේදී ය.

තම අවසරය නොමැතිව ප්‍රහාරකයින් විසින් බලහත්කාරයෙන් දැරිය ආදාහනය කිරීමට උත්සාහ කළ බවට ඇගේ පවුලේ අය චෝදනා කර තිබේ. මෙම සිදුවීම රට තුළ විරෝධතා හා කෝපය ඇවිලීමට හේතු විය.

ඉන්දියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ආයතනයක් විසින් එම ඡායාරූපය ඉවත් කරන ලෙස ඉල්ලීමෙන් පසු ට්විටර් විසින් එය ගාන්ධිගේ ගිණුමෙන් මකා දැමීය. ඉන්දියානු නීතිය යටතේ ස්ත්‍රී දූෂණයක වින්දිතයාගේ අනන්‍යතාවය හෙළි කිරීම තහනම් කර ඇති බව පෙන්වා දෙමින් ඔවුන් එම ඉල්ලීම කර ඇත.

ඡායාරූපය මකා දැමීම ගාන්ධි ප්‍රතික්ෂේප කළ හෙයින්, ට්විටර්, ඔහුගේ ගිණුම අගෝස්තු 6 වන දින වසා දැමූ අතර එතැන් සිට ඔහුට ට්වීට් කිරීමට නොහැකි විය. පසුගිය දින කිහිපය තුළදී, ගාන්ධි මහතාට ට්වීට් කළ කොංග්‍රස් පක්ෂයේ නිල ගිණුම, එහි නායකයින් කිහිප දෙනෙකු සහ ස්වේච්ඡා සේවකයන් 5,000 කගේ පමණ ගිණුම් ද වසා දමා තිබුණි.

කොංග්‍රස් ප්‍රකාශක රන්දීප් සිං සුර්ජේවාලා බීබීසීය වෙත පැවසුවේ ඉන්දියානු නීතියෙන් කියවෙන්නේ “වින්දිතයාගේ ඡායාරූපය එළියට දැමීම හෝ පවුලේ විස්තර ලබා දිය නොහැකි බව පමණක් බවත් අපි ඒ කිසිවක් කර නැති බවත්” ය.

2012 දිල්ලි හිදී බස් රථයකදී සමූහ දූෂණයට ලක්ව ඝාතනය කළ තරුණියගේ මවගෙන් ඉන්දියානු සහ ලොවපුරා පුවත්පත් විසින් පුළුල් ලෙස සම්මුඛ සාකච්ඡා ලබා ගත් අතර ඇගේ ඡායාරූප සහ වීඩියෝ නිතිපතා සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව ද ඔහු පෙන්වා දුන්නේය. “එසේනම්, එයට නීති අදාළ නොවන්නේ කෙසේද?” ඔහු පවසයි.

කෙසේවුවද මේ සම්බන්දව බීබීසී ප්‍රවෘත්ති සේවය වෙත අදහස් දක්වමින් ට්විටර් පවසා ඇත්තේ, “තම නීති උල්ලංඝනය කරන ඡායාරූපයක් පළ කළ ට්වීට් සිය ගණනකට එරෙහිව පියවර ගත්” බවයි.

“සමහර පෞද්ගලික තොරතුරු අනෙක් ඒවාට වඩා වැඩි අවදානමක් දරන අතර, අපගේ අරමුණ සැම විටම පුද්ගලයින්ගේ පෞද්ගලිකත්‍වය සහ ආරක්‍ෂාව ආරක්ෂා කිරීම” යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

නමුත් සුර්ජේවල මහතා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර ට්විටර් දක්වන හේතු මෝදි රජයේ දේශපාලනයේ හස්තයට යටත් වූ ඒවා බවට චෝදනා කළේය.

පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දියානු ගොවීන්ගේ විරෝධතා උත්සන්න වූ අවස්ථාවේදී, ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැමිණිලි මත ට්විටර් විසින් කෙටි කාලයක් තුළ ගිණුම් දුසිම් ගණනක් අවහිර කරන ලදී. එම ගිණුම් මගින් ප්‍රචණ්ඩත්වය දිරිගන්වන බව සහ වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම ගැන එහිදී අමාත්‍යාංශය පැමිණිලි කර තිබිණි.

වඩාත් මෑතකදී, ඉන්දියානු පොලිසිය ට්විටර් කාර්යාලයට ගියේ, පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මාධ්‍ය පාලනය කරන බවට ට්විටර් පණිවුඩයකට අමුණන ලද්දක් සම්බන්දවය. එයින් පසු ඉන්දියාවේ ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳව ට්විටර් සමාගම කනස්සල්ල පළ කර තිබුණි . ඉන්දියාවේ නව තොරතුරු තාක්‍ෂණ නීති සම්බන්ධයෙන් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය සමාගම් කිහිපයක් මෑතකදී සිය අමනාපය රජය වෙත පලකර තිබිණි.

(බීබීසි ඇසුරිණි)

https://www.bbc.com/news/world-asia-india-58196793

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!