කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ රුපියල් මිලියන 2321ක පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 15කින් ඉහළ ගොස් 8,007ක් බවට පත්විය දිනයේ වැඩි වශයෙන් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර රේණුක කැපිටල් සමාගම රුපියල් මිලියන 483යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 276යි, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 127යි ලෙස ප්‍රධාන විය.
වඩාත් සක්‍රීය කොටස් ගනුදෙනු වූ සමාගම් අතර රේණුක කැපිටල්, සියරා කේබල් සහ එක්ස්පෝ ලංකා සමාගම් කැපී පෙණිනි.
අද දිනයේ විදේශීය ආයෝජකයන් රුපියල් මිලයන 43ක කොටස් විකුණූ අතර රුපියල් මිලියන 21ක කොටස් මිල දී ගෙන තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස රුපියල් මිලියන 22ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.
විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර සිලෝන් කෝල් ස්ටෝර්ස් රුපියල් මිලියන 8.2යි, නවලෝක රෝහල රුපියල් මිලියන 1.4යි, ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) රුපියල් මිලියන 1.1ක් ලෙස ප්‍රධාන විය. විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 29.4යි, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 3.8යි තැප්‍රොබේන් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 1.2ක් ලෙස මූලික විය.
කොටස් වෙළඳ පොළෙහි අද සිදුවූ විශේෂත්වයක් වන්නේ රුපියල් 27.00ක් මිල නියම කර මහජනතාවට නිකුත් කළ ජැට් හෝල්ඩින් සමාගමේ කොටස් තවදුරටත් පහළ බැසීමයි. එක් කොටසක් රුපියල් 22.50ක් දක්වා අඩුවී තිබිණි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ බොහෝ සමාගම්වල දෙවන කාර්තුවේ මූල්‍ය වාර්තා මේ දිනවල නිකුත්වන අතර බොහෝ සමාගම්වල වැඩි වශයෙන් ලාභ උපදවා ඇති අවස්ථාවන් දැකිය හැකි අතර කැලණි ටයර් සමාගම එක් කොටසක් සඳහා රුපියල් 5.00ක ලාභාංශ මුදලක් ගෙවීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වුව ද කොරෝනා වසංගතය හමුවේ දිගින් දිගටම කොටස් වෙළෙඳ පොළ වර්ධනයක් අත්පත් කරගෙන ඇති බැවින් ඉදිරියට ද ආයෝජකයන් තමන් මිල දී ගත් කොටස් සඳහා වැඩි ලාභයක් ලබාගැනීමේ අරමුණින් වැඩිපුර අයෝජන සඳහා යොමුවීම හේතුවෙන් සහ බොහෝ බැංකු සහ මූල්‍ය සංස්ථා මගින් කොටස් මිල දී ගැනීමට අඩු පොළී ණය මුදල් ලබාදීම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ තවදුරටත් වර්ධනය වනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළකර සිටී.
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ