-2.1 C
New York

කැස්බෑව ඩිපෝව වසා දමයි

Published:

කැස්බෑව ඩිපෝවේ සේවකයන් 48 දෙනකුට කෙරෝනා ආසාදනය වීම හේතුවෙන් එම ඩිපෝව අද (13) සිට තාවකාලිකව වසා දැමූ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

පසුගිය දිනක ඩිපෝවේ සේවකයන් 13 දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු සේවකයන් 35 දෙනකුට පසුගිය 10 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණලින් එම සියලු දෙනාම ආසාදිත බව තහවුරු වී තිබේ.

මේ අතර බස්රථ රියදුරන්, කොන්දොස්තරවරු හා කාර්මික නිලධාරීන් සිටින බව කොළඹ ප්‍රාදේශීය කළමනාකරු යූ.ජී.ජී.පී.සත්‍යසිංහ කීවේය.

ඩිපෝවේ ඉතිරි සේවකයන් සියලු දෙනා ම පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට ද කටයුතු කර ඇත.

Related articles

Recent articles

spot_img