spot_img
spot_imgspot_img

කොරෝනා ආසාදිත මව අසාදිත බිළිඳිය ද සමඟ රෝහලෙන් පැන ගිහින්

පුවත්

විදෙස්

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවක් සිය බිළිඳු දරුවා ද සමඟ රෝහලේන පැන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස පැනගොස් ඇත්තේ ගලිගමුව පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.

අසනීප තත්ත්වයක් හේතුවෙන්න ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණි එම කාන්තාව මාස 06ක් වයසැති තම බිළිඳිය ද සමඟ රෝහලේ 02 වැනි වාට්ටුවේ නේවාසිකව සිට ඇත. එහි දී කරන ලද පීසිආර් පරීක්ෂණවලින් මෙම මවට හා දියණියට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

ඉන් පසු ඇය තම දරුවා ද රැගෙන කිසිවෙකුට නොදන්වා පලා ගොස් ඇතැයි රෝහල් පාලන අධිකාරිය විසින් පොලිසියට දැනුම් දී තිබේ.

කෑගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!