-5.9 C
New York

ගම්පහින් ආසාදිතයන් 1,676ක්. 26,000ක් නිරෝධායනයට

Published:

ගම්පහ දිස්ත්‍රික්කයෙන්, අද (13) උදෑසන අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 1,676 දෙනකු වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

එම ආසාදිතයන් හමු වී ඇත්තේ පහත සඳහන් සෞඛ්‍ය වෛද්‍ය නිධාරී කොට්ඨාසවලිනි.

බියගම – 218

මහර – 195

මීරිගම – 147

අත්තනගල්ල – 130

දිවුලපිටිය සහ වත්තල – 121

දොම්පෙ – 110

කටාන – 102

ජාඇල – 95

කැලණිය – 94

මිනුවන්ගොඩ – 90

මීගමුව – 89

සීදූව – 84

ගම්පහ – 30

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයන් 83 දෙනකු හමුවී තිබේ. ඔවුන් වාර්තා වී ඇත්තේ කටුනායක ආයෝජන කලාපයෙන් 72ක් සහ බියගමින් 11ක් වශයෙනි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ මෙම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 26,113 දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි.

Related articles

Recent articles

spot_img