රුහුණ විශ්වවිද්‍යාල ඉංජිනේරුපීඨයේ සිසු සිසුවියන් අතර කොරෝනා පැතිරීමේ අවදානමක් හටගෙන ඇති අතර 250ක පමණ සිසු පිරිසක් කිසිවක් කරකියාගත නොහැකිව හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ සිරවී සිටිති.
විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ විශ්වවිද්‍යාල පාලන අධිකාරියේ ම අත්තනෝමතික හේතුවක් නිසා රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි විශාල පිරිසක් සහ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය පවා දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් නිවෙස්වලට යවා තිබුණ ද ඔවුන්ට ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට බව කියමින් දැනට දින කිහිපයකට පෙර පළමු වසර සිසුන් කැඳවා තිබිණි.
ඉන් පසු ඔවුන් අතර උණ රෝගයක් පැතිරයාමත් සමඟ වරින් වර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගිය සිසුන් අතරින් 28 දෙනකු මේ වනවිට ආසාදිත බව තහවුරු වී තිබේ. මෙලෙස නෙ යන ලද්දේ රෝග ලක්ෂණ වැඩිපුර පෙන්වන ලද සිසුන් බව ද දැනගන්නට ඇත.
ඔවුන් සියලු දෙනාම නැවත කරාපිටිය රෝහලේ සිට ඉංජිනේරු පීඨයට ගෙනවිත් එහි කාමර 05කින් යුතු ගොඩනැගිල්ලක රඳවා ඇති අතර අනෙක් සිසු සිසුවියෝ නේවාසිකාගාරවලට කොටුවී සිටිති.
ඉංජිනේරුපීඨයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ ආසාදිත සිසුන් සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවා දැනුම්වත් කර නැති බවයි.
නේවාසිකාගාරවල සිටින අනෙක් සිසුන් අතර ද මේ වනවිට කැස්ස, උණ හා හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ ඇතත් ඔවුන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට හෝ සෞඛ්‍ය අංශවලට ප්‍රමාණවත් පහසුකම් නැත.
මේ සම්බන්ධයෙන් අද (12) විශ්වවිද්‍යාල බලධාරීන් සෞඛ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාකළ විට උපදෙස් ලැබී ඇත්තේ ඇන්ටිජන් කට්ටල මිල දී ගෙන දෙන්නේ නම් පරීක්ෂණ පැවැත්විය හැකි බවයි.
මේ හේතුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේ කොටුවී සිටින පළමු වසර සිසු සිසුවියෝ තමන්ට කොරෝනා ආසාදිතද යන්න හෝ දැනගත නොහැකිව අසරණව සිටිති. ඔවුන්ට ආහාර සැපයෙන්නේ ද පිටතින් බව දැනගන්නට ඇත.
මේ බැරෑරුම් තත්වයට විසඳුමක් ලෙස ආසාදිත සිසුන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ද ඉලක්ක කරගනිමින් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සේවා මුර ක්‍රමය අහෝසි කරමින් සේවයට කැඳවීමට පාලන අධිකාරිය තීරණය කර තිබිණි.
තමන්ට කොරෝනා ආසාදිතයන් සඳහා සේවා සැපයීමට නොහැකි බව පවසමින් අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඊට දැඩි ලෙස විරෝධය දැක්වීම හේතුවෙන් එම තීරණය වෙනස්කරගෙන ඇතැයි ද වාර්තා වෙයි.
බොරු කියන්න එපා ඕයි🤣🤣🤣.. අපි මේ ඉන්නේ හොදට.. 🤣🤣.. මිනිස්සු අවුස්සන්න එපා බොරු නිව්ස් දාලා.. මාධ්‍යවේදියෝ කියන්නේ තොපිද.. මිනිස්සුන්ට හරි දේවල් විතරක් දීපල්ලා.. රටම අවුල් කරන්නේ නැතිව…
umba hitiyoth athi.anith ekata hena gahuwath kamak na neda.oka umbage waradak nemei .umbawa hadapu widiye waraddak
බොරු කියන්නෙපා 😂 අපි මේ හොදට ඉන්නව නිකන් බොරුවට මිනිස්සු අවුස්සන්න බොරු කියන්නෙපා
මොනාද ඕයි බොරු කියන්නෙ. ඕවා කියන්නෙ ඔහේලා මෙහෙ අවිත් බැලුවද 😂 අපිනම් කොටු වෙලා නෑ. නිකන් බොරු කියලා මිනිස්සු අව්ස්සන්නෙ නැතුව රටේ තියෙන ඇත්ත ප්‍රශ්න හොයලා දානවකෝ 😂
අපිට ඕනි කරන දේවල් ඔක්කොම අපිට හම්බවෙනව අපි කොටු වෙලා නෑ බොරු කියල නිකන් මිනිස්සුන්ව අවුස්සන්නැතුව වැඩක් තියෙන නිව්ස් එකක් දාන්න