-2.1 C
New York

කිරිපිටි මිල වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නෑ

Published:

කිරිපිටි ආනයනය සඳහා පනවා තිබූ බදු රජය විසින් අඩුකළ ද පාඩුව පියවාගැනීම සඳහා කිරිපිටි කිලෝ 01ක් රුපියල් 200.00කින් පමණ වැඩි කරන්නට සිදුවන බව කිරිපිටි ආනයනකරුවෝ කියති.

කිරිපිටි ආනයන කරුවන්ගේ එකමුතුවේව සාමාජිකයකුවන ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කරන්නේ රජයෙන් බදු ඉවත්කළ ද කිරිපිටි කිලෝවක් ආනයනය කිරීමේ දී එමගින් පියවාගත හැකි වන්නේ රුපියල් 100.00ක් පමණක් බවයි.

එබැවින් තවදුරටත් එක් කිරිපිටි කිලෝවකින් රුපියල් 200.00ක් පාඩු සිදුවන බව ද ඔහු කීවේය. මේ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක් රුපියල් 200.00කින් ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද ඔහු පෙන්වාදෙයි.

Related articles

Recent articles

spot_img