කොරෝනා වසංගතය සම්බන්ධයෙන් රජය විසින් නිකුත්කරනු ලබන නිල දත්ත දෝෂ සහිත බවත් නිවැරදි දත්ත නොමැතිව වසංගතයක් පාලනය කළ නොහැකි බවත් රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අහඹු ලෙස දිස්ත්‍රික්ක කිහිපයකින් ලබාගත් දත්ත සහ රජයේ නිල දත්ත ප්‍රකාශනයන් හි ඇති තොරතුරු සන්සන්දනය කරමිනි.
එහි දී දින කිහිපයක් ගම්පහ දිස්ත්‍රික්කය, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්යන් හි සහ අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද ප්‍රතිඵල මහාචාර්යවරයා විසින් විශ්ලේෂණය කර තිබේ.
ඔහු පවසන්නේ වසංතයක් මැඩ පැවැත්වීමේ පළමු සාධකය වන්නේ නිවැරදි දත්ත ලබාගැනීම වුව ද කොරෝනා රෝගීන් පිළිබඳ දරුණු ආකාරයේ අවතක්සේරු කිරීමක් සිදුවෙමින් පැවතීම බරපතල ගැටලුවක් බවයි.
“මෙය ගම්පහ, දකුණේ සහ නැගෙනහිර පමණක් ඇති ගැටලුවක් කියලා හිතනවානම් එය රැවටීමක්. අනුරාධපුරයේ තත්ත්වයත් ඒ ආකාරයමයි. පසුගිය දිනක අනුරාධපුරයේ රෝගීන් 300කට වඩා වාර්තා වුණා. නමුත් එදා රජයේ නිල ලේඛනවල දැකවුණේ ආසාදිතයන් 02යි. මෙය සම්පූර්ණ වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමක්. මේ ගැන සොයා බැලූ විට පැහැදිලි වෙනවා දැනට නිල ලේඛන කියා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන්නේ PCR පරීක්ෂණවලින් හඳුනාගන්නා ආසාදිතයන් පමණයි. ඇන්ටිජන් පරීක්ෂණවලින් හඳුනාගන්නා ආසාදිතයන් ජාතික ලේඛනයට ඇතුළත් කරන්නේ නැති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. දවසකට රටපුරා ඇන්ටිජන් පරීක්ෂණවලින් සොයාගන්නා ආසාදිතයන් දහස් ගණනක තොරතුරු මේ ජාතික දත්තවලට ඇතුළත් කරලා නැහැ. මෙය පුදුම සහගත දෙයක්. වැරදි දත්ත හදාගෙන කොරෝනා මර්ධනය කරන්න බැහැ.”
මේ දැක්වෙන්නේ වසංගත රෝග විදයා අංශයේ දිනපතා වාර්තාවේ එක් එක් දිස්ත්‍රික්කවලින් වාර්තා වූ රෝගීන් පිළිබඳ ලේඛනයයි

මහාචාර්යවරයා පවසන්නේ මෙම ජාතික දත්ත ලේඛනයේ දිනකට ආසාදිතයන් 2,500 – 3,000ක් අතර වාර්තා වෙද්දී දවසට රෝගීන් 5,000-6,000ත් අතර ප්‍රමාණයක් ඇතැයි උපකල්පනය කළ ද ප්‍රාදේශීය වශයේන ලැබෙන දත්ත අනුව දිනපතා රෝගීන් 10,000 – 12,000ත් අතර ප්‍රමාණයක් සිටිනු ඇතැයි පැහැදිළි කරුණක් බවයි.
මෙලෙස දත්ත නිවැරදිව භාවිතා නොකර රටේ කොරෝනා තුරන් කළ නොහැකි බව ද සිදුවන්නේ තව තවත් කොරෝනා ව්‍යාප්තවීම බව ද මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි පෙන්වාදෙයි.