spot_img
spot_imgspot_img

“ඉක්මණින් ම 50,000ක් මිය යා හැකියි. කෑම නැතිව මැරෙනවා ද ඔක්සිජන් නැතිව මැරෙනවා ද ?” – ආචාර්ය චන්දිම ජීවන්දර

පුවත්

විදෙස්

කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් 98% ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වූ බවත් වහාම පිළියම් නොයෙදුවහොත් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ඉතාමත් ඉක්මණින් 50,000ක සීමාවට ළඟාවනු ඇති බවත් වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර දෙරණ නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක්වෙමින් මේ බව හෙළිදරව් කළේය.

ඔහු එහි දී කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම ආරම්භ වූවා පමණක් බවයි. ඩෙල්ටා ප්‍රභේදය යම් සමාජයක වාර්තාවීමෙන් පසු එහි දරුණු ප්‍රතිඵල අත්විඳීම සඳහා සති හයක පමණ කාලයක් ගතවන බවත් දැන් අප රට එම අවස්ථාවට පැමිණ තිබෙන බැවින් ඉදිරි සති දෙක තුන ඉතාමත් තීරණාත්මක බවත් හෙතෙම පවසයි.

ආචාර්ය ජීවන්දර වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“තත්පර පහක් ඇති. ඩෙල්ටා ප්‍රභේදය තිබෙන ඕනෑම කෙනෙකුගෙන් ඒ අවට සිටින අන් සියලු දෙනාටම පැතිරී යා හැකියි. මාස්ක් එක ගලවා ගතවන තත්පර 05ක දී අසාදිතයකු විය හැකියි. මේක කලින් ප්‍රභේදවලට වඩා දෙගුණයකින් පමණ වේගයෙන් පැතිරෙනවා. මේ අවස්ථාවේ අපි දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. දැනට කොළඹ වාර්තාවන ආසාදිතයන්ගෙන් 98%ක් ම ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් ඉන්නේ. කොළඹින් පිටපළාත්වල තවමත් ඒ තරම් දරුණු වෙලා නැහැ. අප මේ තතත්වය පාලනය කළ යුතුයි. දිනපතා තත්ත්වය වේගයෙන් වෙනස් වෙනවා. ආර්ථිකය රැකගන්න උත්සාහ ගන්නේ කන්න නැතිව මැරෙන එක වළක්වන්න. කෙනෙකුට කන්න නැතිවුණත් තව කෙනෙක් කන්න දේවි. නමුත් දැන් ඔක්සිජන් සැපයීමේ උපරිම ධාරිතාවටත් අපි ඇවිත් ඉන්නේ. ඉදිරියේ දී සිදුවෙන්නේ ඔක්සිජන් නැතිව මැරෙන්න.”

ආචාර්ය චන්දිම ජීවන්දර එහි දී වැඩිදුරටත් කියා සිටියේ දිනපතාම රටේ කොරෝනා තත්වය වෙනස් වෙමින් තිබිය දී මාස දෙකකට පමණ පෙර කොරෝනා සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ නිකුත්කරන ලද චක්‍රලේඛ මේ තත්වය පාලනයට ප්‍රමාණවත් නොවන බවයි.

කොරෝනා වයිරසයේ දෛනික වෙනස්වීම අනුව තීන්දු තීරණ නොගතහොත් රටේ මහා විනාශයක් විය හැකි බව ද හෙතෙම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!