-4.8 C
New York

එන්නත්වලටත් මර්ධනය නොවන කොරෝනා ‘එප්සිලන්’ ප්‍රභේදය දකුණු ආසියාවටත් එයි

Published:

කොරෝනා වයිරසයේ නවතම විකෘති ප්‍රභේදය ලෙස හඳුනාගත් “එප්සිලන් ප්‍රභේදය” දැනට සොයාගෙන ඇති කිසිදු කොරෝනා මර්ධන එන්නතකින් වැළැක්විය නොහැකි බවත් කොරෝනා ආසාදිතයකුගේ සිරුරේ ස්වභාවිකව ඇතිවන ප්‍රතිචක්‍රීකරණයට පවා ප්‍රතිරෝධීවන බවත් පර්යේෂකයන් විසින් තහවුරු කරගෙන තිබේ.

පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ මෙම ප්‍රභේදය දැනටමත් රටවල් 34කින් වාර්තා වී ඇති අතර පාකිස්තානය දක්වා ම පැමිණ තිබේ.

මෙම කොරෝනා ප්‍රභේදය මෙතෙක් වාර්තා වූ ප්‍රභේදයන්ට වඩා වෙනස් වී ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳ ‍ලොව පුරා විද්‍යාඥයෝ පර්යේෂණ ආරම්භ කර තිබේ. රුධිර ප්ලාස්මාවල මෙම වයිරසටය ඔරොත්තුදීමේ ශක්තිය 2-3.5ත් අත ඉතාමත් අඩු මට්ටමක පවතින බව මේ පිළිබඳ පර්යේෂණ කරන ලද වොෂිංටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති.

ඔවුන් පවසන්නේ ප්‍රතිදේහ 10න් 10 ම උදාසීන කිරීමට හෝ විනාශ කිරීමට මේ වයිරස ප්‍රභේදය සමත්වන බවයි. මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ ඩේවිඩ් වීස්ලර්ගේ විද්‍යාගාරය සහ වීර් ජෛව තාක්‍ෂණයේ ලූකා පික්කෝලි සහ ඩේවිඩ් කෝර්ටි විසිනි.

වසර ගණනාවක් තිස්සේ වීස්ලර් විද්‍යාගාරය සහ එහි හවුල් කරුවන් SARS වැනි කොරෝනා වයිරස් වල අණුක හැඩ ගැස්වීම සහ ආසාදන යාන්ත්‍ර විද්‍යාව ගවේෂණය කරමින් ඇත. 

Related articles

Recent articles

spot_img