spot_img
spot_imgspot_img

වෛද්‍ය රමේෂ්ට සෞඛ්‍යය ? අමාත්‍යාංශ කිහිපයක් සංශෝධනය වෙයි

පුවත්

විදෙස්

ඉදිරි සතියේ දී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.

එම සංශෝධනයට අනුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චිිට බලශක්ති අමාත්‍යාංශය ලබා දී සෞඛ්‍ය අමාත්‍යධූරය වෛද්‍ය රමේෂ් පතිරණට ලබාදීමට නියමිත බව ද දැනගන්නට ඇත. මීට අමතරව අධ්‍යාපන, ජනමාධ්‍ය, විදේශ කටයුතු යන විෂයයන් ද වෙනස් වීමට නියමිතව බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඩලස් අලහප්පෙරුමට ජනාමාධ්‍ය අමාත්‍යධූරය ලැබෙන බවට රාවයක් පැතිරයන ඔහු ඊට අකමැති බවට ද රාවයක් පවතී. අතර රමේෂ් පතිරණ අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට පත්කිරීමෙන් පසු වැවිළි අමාත්‍යධූරය කෙහෙළිය රඹුක්වැල්ලට ලබාදීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශය ජී.එල්. පීරිස්ගෙන් ඉව්තකර ඒ සඳහා ප්‍රසන්න රණතුංග පත්කිරීමටත් ජී.එල්.පීරිස්ට විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදීමටත් සාකච්ඡාවෙමින් පවතින බව ද වාර්තාවේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

2 COMMENTS

  1. ප්‍රසන්නට අධ්‍යාපන ඇමතිකම ගැලපෙනව . කප්පම් ගැනීම විශය ධාරාවට ඇතුල් කරල ළමුන් සමාජයට ගියවිට කප්පම ආදායම් මාර්ගයක් ලෙස යොදාගත හැකි වනු ඇත. කොහොම උනත් බුද්ධිමත් තීරණයක්

  2. ඔක්කොමත් හරි කියමුකො,අධ්‍යාපන ඇමතිකම…??🤮🤮
    මේ ආණ්ඩුවට මෙච්චර මොංගල්ද..

Leave a Reply to සෙනෙවිරත්න Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!