-5.9 C
New York

ගාල්ලේ සමාජ ක්‍රියාකාරිකයකුට තර්ජන. දරුවන්ට සහ බිරිඳට වැඩක් දෙන බව කියලා

Published:

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සටහන් කිරීමෙන් වළකින ලෙසත් එසේ නොකළහොත් බිරිඳ හා දරුවන් මරා දමන බව හැඟවෙන ආකාරයට කිසියම් පුද්ලයකු තමන්ට තර්ජනය කළ බවට ගාල්ල ගොඩකන්ද පදිංචි ඉඳුනිල් වීරසිංහ නමැති සමාජ ක්‍රියාකාරිකයකු පෝද්දල පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

ඊයේ (10) ඔහු විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර එහි සඳහන් වන්නේ විදේශ රටක සිට ගන්නා දුරකථන ඇමතුමක් බව හැ‍‍ඟෙන ආකාරයෙන් මෙලෙස මරණීය තර්ජනය සිදුකරන ඇමතුම් දෙකක් තමන්ට ලැබුණු බවයි.

ඉඳුනිල් විරසිංහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස සේවය කරමින් සිටි අතර මහජජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ හිටපු සභාපතිවරයා ද වූයේය.

පසුව ඔහු වැඩ තහනමකට ලක්වූ අතර ඔහු නැවත සේවයේ පිහිටුවීමට දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝග කළ ද ආණ්ඩුකාර විලී ගමගේ විසින් එම නිර්දේශයට පටහැනිව යමින් යළිත් ඔහුගේ සේවය නතර කර තිබිණි.

තම සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු පිරිසක් විසින් කරන ලද අපහාසයක් සම්බන්ධයෙන් ද ඉඳුනිල් වීරසිංහ අධිකරණ නඩු කිහියක් ගොනුකර තිබේ.

සෞඛ්‍ය අංශයේ සහ දකුණු පළාත් සභාවේ ඇති දූෂණ අක්‍රමිකතා රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අනාවරණය කිරීමට ඉඳුනිල් වීරසිංහ කළක සිට කටයුතු කර තිබිණි.

මෙම පැමිණිල්ල සම්බන්ධ විමසූ විට පෝද්දල පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියේ තර්ජනය කළ දුරකථන අංය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අංකයක් බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් තොරතුරු තාක්ෂණ අංශයේ ද සහය ලබාගන්නා බවත් පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img