ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ මහා සංඝරත්නයේ සහ විද්වතුන්ගේ අදහස් ලබාගැනීමට යැයි කියමින් බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් කොළඹ දී පැවැත්වූ දින තුනක රැස්වීමක් හේතුවෙන් මේ වනවිට “ත්‍රිපිටක සංරක්ෂණ කොරෝනා පොකුරක්” නිර්මාණය වෙමින් තිබේ.
එම රැස්වීම පසුගිය අගෝස්තු මස 05,06 සහ 07 කොළඹ බණ්ඩාරානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී.
එම රැස්වීම සඳහා සහභාගී වූ භික්ෂූන් වහන්සේලා අතරින් අමරපුර ශ්‍රී සද්ධර්මික නිකායේ මහා නායක ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමියෝ මේ වනවිට කොරෝනා ආසාදිතව කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබන අතර අවම වශයෙන් තවත් භික්ෂූන් වහන්සේලා 15 නමක් පමණ උන්වහන්සේගේ පළමු පෙළ ආශ්‍රිතයන් වී සිටිති.
මෙලෙස පළමු පෙළ ආශ්‍රිතයන් වූ පිරිස අතර මැදගොඩ අභයතිස්ස, කොත්මලේ කුමාර කාස්සප හිමි ඇතුළු හිමිවරු සිටිති.
මෙම රැස්වීම ඉතාමත් හදිසි කටයුත්තක් සේ සළකා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට සැළසුම් කර තිබිය දී මල්වතු අස්ගිරි මහා නාහිමිරු ඇතුළු සංඝයාවහන්සේලා විශාල පිරිසක් මෙන්ම මෙරට බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විද්වතුන් පිරිසක් ද කොරෝනා වසංගතය හමුවේ මෙවැනි රැස්වීමක් නොපවත්වන ලෙස ඉල්ලා තිබිණි. මෙම සාකච්ඡාව පැවැත්වීමෙන් වයෝවෘද්ධ ස්වාමීන්වහන්සේලා කොරෝනා වසංගතයේ ගොදුරක් විය හැකි බව ඔවුහු පැවසූහ.
මෙම රැස්වීම නොපවත්වන ලෙස අස්ගිරි හා මල්වතු මහා නායක හිමිවරු බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කළහ.
එසේ වුව ද රැස්වීම පැවැත්විණි.
මේ පිළිබඳ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනගෙන් විමසූ විට කියා සිටියේ නිරෝධායන නීති සහ යහපත් සෞඛ්‍ය පුරුදු උපරිම ආකාරයෙන් ආරක්ෂා කරමින් රැස්වීම පැවැත්වීමට කටයුතු කරන බවයි. එමගින් කොරෝනා පැතිරීමට ඉඩක් නැතැයි ද ලේකම්වරයා කියා සිටියේය.
නමුත් රැස්වීම පැවැත්වෙන අගොස්තු 05 වැනි දා දිනය වනවිට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරී නිලධාරිනියන් 17 දෙනකු කොරෝනා ආසාදිතව සිටියහ.
සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති රැස්වීම සඳහා ආසන පැනවීම, ලියාපදිංචිකිරීම ඇතුළු අවශ්‍ය පහසුක්ම සැපයීම සිදුකරන ලද්දේ එළෙස කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබූ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරී නිලධාරිනියන් විසිනි.
මෙම රැස්වීම පැවැත්වෙමින් තිබිය දී පසුගිය 06 වැනි දා මධ්‍යම රාත්‍රියෙන් පසු රජයේ සියලු උත්සව සහ රැස්වීම් තහනම් බවට නියෝගයක් නිකුත් කළ ද කොවිඩ් – 19 මර්ධන ඒකකයේ විශේෂ අවරසයක් ගෙන පෙර දිනවල දී ආකාරයට ම රැස්වීම පැවැත්විණි.
දැන් සිදුව ඇත්තේ රැස්වීමට සහභාගී වූ ස්වාමීන් වහන්සේලා ආසාදිතයන් ලෙස හඳුනාගැනීම සහ තවත් හිමිවරු කිහිප නමක් නිරෝධායනයට යොමුකිරීමයි.
ත්‍රිපිටක සංරක්ෂණ පනත හදිසි කටයුත්තක් ලෙස සළකා සම්මත කරගැනීම රජයේ අපේක්ෂාව වුව ද රැස්වීමට සහභාගී වූ පිරිසගේ දැඩි විරෝධය හේතුවෙන් එම පනත් කෙටුම්පත ඉවත දැමීමට බුද්ධ ශාසන අමාත්‍යාංශයට සිදුවිය. අවසානයේ යෝජනා වූයේ රටේ පවතින රෝම ලන්දේසි නීතිය අනුව ධර්ම විකෘති සම්බන්ධ තීරණ ගැනීම නොකළ යුතු බවයි. එ් සඳහා ධර්ම විනය අනුව තීරණ ගත යුතු බවට තීරණය කෙරිණි.
අවසානයේ සිදුවූයේ ත්‍රිපිටක සංරක්ෂණ පනත හේතුවෙක් කොරෝනා පොකුරක් මෙරට වැඩහිටි භික්ෂූන් වහන්සේලා කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වීම පමණි.
මහනායක හිමිවරු විසින් යොමුකර තිබූ ලිපිය පහතින්




