බොහෝ අය උපකල්පනය කරන්නේ, චීන මහජන පක්ෂය (සීසීපී) විවේචනාත්මක අන්තර්ගතයන් සෙවීම සඳහා රටේ සමාජ මාධ්‍ය වේදිකා පීරන බවයි. මිනිසුන් නිවාස අඩස්සියේ තැබීමේ අදහසින් මෙය සිදුකරන බවද ඔවුහු උපකල්නය කරති. ඇත්ත වශයෙන්ම, සමහර විට බ්ලොග් කරුවන් සහ න්යායාචාර්යවරුන් නිවාස අඩස්සියේ තබයි; කෙසේ වෙතත්, බොහෝ විට සීසීපී මෙය කරන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන කුමක් කියන්නේද යන්න දැන ගැනීම සඳහා ය.
මෑත වසරවල දී, විශේෂයෙන් හු ජින්තාඕ, ෂී ජින්පින් පක්ෂයේ මහලේකම්වරයා වීමෙන් පසුව, ප්‍රකාශයට පත් කෙරෙන දේ පිළිබඳ ඔවුන්ගේ නිරීක්ෂණය වැඩි කර තිබේ. එසේ කර ඇත්තේ මෙවැනි පළකිරීම් මඟින් නායකත්වයට වටිනා ප්‍රතිපෝෂණ සහ අදහස් ලබාගත හැකි බව ඔවුන් දන්නා නිසාය.
චීනයේ, අමාත්‍යාංශවලට සහ කුඩා රාජ්‍ය ආයතනවලට පවා “ඔන්ලයින් මහජන අදහස්” වැනි ප්‍රභවයන් සඳහා ප්‍රවේශය ඇත. රුසියානු හෝ චීන නියෝජිතයින් ලෙස හඳුන්වමින්, විවේචකයන් මර්ධනය කරමින් සතුටු වන, ඉංග්‍රීසි ලෝකයේ බොහෝ රටවල සිදුකරන ක්‍රමයට වඩා මෙය වෙනස් ය.
සීසීපී විශේෂයෙන් උනන්දුවක් දක්වන්නේ අති විශාල ලෙස ජනප්‍රිය වී ඇති මූල්‍ය හා සංවර්ධන බ්ලොග්කරුවන් සම්බන්දයෙනි. සාමාන්‍යයෙන් දෛනික ඔන්ලයින් නිවැරදි කිරීමේ ව්‍යාපාර වලින් මෙම සමූහයන් නිදහස් වේ. 2011 දී ඔන්ලයින් මහජන අදහස් වාර්ෂික වාර්තාවේ ද අදහස් නිරීක්ෂණය කිරීමේ වටිනාකම විශේෂයෙන් සඳහන් කර ඇත. මෙම බ්ලොග්කරුවන්ගේ සහ න්‍යායාචාර්යවරුන්ගේ අදහස්වලට සවන්දීම පමණක් නොව, මේවා පක්ෂයේ මූලික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ද අවස්ථා ගණනාවක දී ප්‍රයෝජනයට ගෙන තිබේ.
මෙම ලිපිය, බොහෝ විට විද්‍යාව, තාක්ෂණය සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය පසුබිමක් ඇති විශ්වවිද්‍යාල වල බ්ලොග්කරුවන් සහ න්යායාචාර්යවරුන් කණ්ඩායමක් ගැන කථා කරයි. පසුගිය දශකය තුළ සීසීපී හි ප්‍රතිපත්ති කෙරෙහි ඔවුන්ගේ බලපෑම සහ ජාතිකවාදී හැඟීම් පිළිබඳ රචකයෙකු හා ප්‍රසිද්ධ කථිකයෙකු වූ වැන්ග් සියාඕඩොං විසින් කාර්මික පක්ෂය ලෙස නම් කරන ලද පක්ෂය සම්බන්දව.
කාර්මික පක්ෂය
1990 දශකය චීනයට වැදගත් දශකයක් වූ අතර ඩෙං ෂියාඕපින්ගේ ප්‍රතිසංස්කරණ හා විවෘත කිරීම් වේගවත් වෙමින් පැවතුනි. කෙසේ වෙතත්, 90 දශකය චීන මහජන සමූහාණ්ඩුවේ (පීආර්සී) අවම බුද්ධිමය යුගයකි. බුද්ධිමතුන් කොන් කෙරුණු අතර ඒ වෙනුවට පක්ෂය උපදේශනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වෙත යොමු විය.
සාම්ප්‍රදායික මාධ්‍ය තුළ විසම්මුතික අදහස් දැක්වීම සඳහා 1980 ගණන් වලට වඩා අඩු ඉඩක් තිබූ නමුත් විශ්වවිද්‍යාලවල පරිගණක ජාලවල අන්තර්ජාල පණිවිඩ අවකාශ වර්ධනය වෙමින් පැවතිණි. 2000 දශකයේ මුල් භාගය වන විට ඒවා වාණිජ ජාල වෙත ව්‍යාප්ත වෙමින් පැවතුනි. විශේෂයෙන් විද්‍යා, තාක්ෂණ සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය පසුබිම් ඇති ෂොං ක්විං වැනි පුද්ගලයන් අන්තර්ජාලය හරහා ප්‍රජාවක් සොයා ගත්හ. හමුදාමය කටයුතු සහ වර්තමාන සිදුවීම් ප්‍රචාරය පිළිබඳව ඔවුන්ගේ අවකාශ අවධානය යොමු කළහ.
මෙම තරුණයන් දෘෂ්ටිවාදාත්මකව විෂමජාතී වූ නමුත් මුල්‍යකරණයෙන් බැහැරව කාර්මික ප්‍රතිපත්ති සහ විද්‍යාත්මක ප්‍රවීණතාව චීනය මෙහෙයවන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට ඇති අපේක්ෂාව නිසා බැඳී සිටි අතර එය මානුෂික නොවන බව ද ඔවුන් විශ්වාස කළහ.
චීන සමාජය දුර්වල වීමට තුඩු දුන් ‘වැඩ කරන වේලාවන් 996’ – උදෑසන 9 සිට ප.ව. 9 දක්වා, සතියේ දින 6, සම්බන්දව ඔවුන් දැඩි ලෙස සැළකිලිමත් විය. කාර්මික අංශයේ අය විශ්වාස කරන්නේ කාර්මිකකරණය, විද්‍යාව සහ ප්රජාතන්ත්රවාදය මෙන් විශ්වීය වටිනාකමක් බවට පත් විය යුතු බවයි.
එක්තරා කාලයක සීසීපී හි නිල දේශපාලන හා ආර්ථික මතය වූයේ සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, අපනයන ඉලක්ක කරගත් නිෂ්පාදනය සහ සමහර අංශ වෙළෙඳපොළට විවෘත කිරීමට ඉඩ දීම යි. වත්මන් ප්‍රතිපත්ති දිගටම පැවතුනහොත් චීන ආර්ථිකය බිඳ වැටෙනු ඇතැයි ෂොං විවෘතව අනාවැකි කීය. ඔහු ප්‍රධාන අංශ තරඟයෙන් ආරක්ෂා කරගැනීම සඳහා තාක්ෂණික මධ්‍යස්ථ පාලනයන් ඉල්ලා සිටි අතර බටහිර රටවලට වඩා චීන ජාතිය ඉදිරියට ගෙන යාමට සහ තාක්ෂණික හා දේශපාලන නායකත්වයක් ලබා දිය හැකි රැඩිකල් කාර්මික ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටියේය.
මෙය 2000 දශකයේ මුල් භාගය වූ අතර ජෙට් සහ චිප් තැනීම ආරම්භ කිරීම සඳහා චීනය අඩු මිලැති නිෂ්පාදන වලදී සිය සාපේක්ෂ වාසිය අත්හැරිය හැකිය යන අදහස රැඩිකල් විය. එකල, චීනයේ අන්තර්ජාල දාර්ශනිකයන් ලෙස හැඳින්වූ අය හැර වෙන කිසිවෙකු, චීනයට බටහිර අධිපතිවාදයට අභියෝග කළහැකි යැයි හෝ එය බටහිරයන් අභිබවා යන බව විශ්වාස කලේ නැත. නමුත් වසර කිහිපයකට පසු සියල්ල වෙනස් විය. හූ ජින්ටාවෝ සහ වෙන් ජියාබාවෝ වෙනුවට ෂී ජින් පින් පත් කරන ලදි. චීන ජාතියේ මහා පුනර්ජීවනය ආරම්භ විය.
ෂී සහ කාර්මික පක්ෂයේ ප්‍රධාන ධාරාව
ෂී යටතේ, කාර්මික පක්ෂයේ ප්‍රධාන අදහස්, උසස් සංවර්ධන ක්‍රියාදාමයන් ප්‍රතිෂ්ඨාපනය කිරීම, විද්‍යාත්මක චින්තනය රැකීම සහ දියුණු තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් බටහිර රටවල් ඉක්මවා යෑම, සීසීපී ප්‍රතිපත්තියේ ප්‍රධාන තැනක් ගෙන තිබේ. තත්ත්වය කුමක් වුවත්, කාර්මික පක්ෂය, අප්‍රකට විරුද්ධ පක්ෂයේ සිට වේගවත් ප්‍රගතියක් වෙත මාරු වූයේ පණිවිඩ පුවරු සමාජ මාධ්‍ය වෙත ඉඩ ලබා දෙන්නාක් මෙනි. චීනයේ සංවර්ධනයේ ඔන්ලයින් චින්තකයින්ට දැන් වඩාත් පුළුල් ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් ලබා ගත හැකිය.
ෂෙන්සෙන් නිංනාන්ෂාන් දැන් කාර්මික පක්ෂයේ නව මුහුණුවර වන අතර ඔහුගේ ලිවීම ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ තාක්ෂණික දියුණුව තුළින් ජාතිය බේරා ගැනීම සහ බටහිර ආධිපත්‍යය බිඳ දැමීම කෙරෙහි ය. මෙම අදහස් වලට පිටුබලය දෙනු ලබන්නේ නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත ෂී ජින්පින්ග්ගේ සමාජවාදය පිළිබඳ චින්තනය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති වෙළෙඳ යුද්ධයකින් එය සවිබල ගැන්වීමයි.
2018 දී ෂෙන්සෙන්, “මධ්‍යම පාන්තිකයෙකු ලෙස මගේ පැමිණිලි” යන මාතෘකාව යටතේ නගර වල ජීවත්වීම සඳහා ඇති යෝග්‍යභාවය ප්‍රශ්න කරන කොටසක් සම්බන්දව කැළඹීමක් ඇති කළ අතර එහිදී ඔහු “පොදු ජනතාව මැඩීම සඳහා නිශ්චල දේපල භාවිතා කිරීමේ හොංකොං ආකෘතිය අනුකරණය නොකරන ලෙස” සීසීපී වෙත අනතුරු ඇඟවීය.
සුළුතරයක් ධනපතියන් අතිශයින් ධනවත් කිරීමට. මෙම පලකිරීමේ ඔහුගේ පාඨකයන් අතර සිටි උසස් අයගේ සංඛ්‍යාව ද විශේෂයෙන් සඳහන් විය. වෙළෙඳ පොළ කැලෑවකට ගෙන යාමට ඉඩ හැරීම බරපතල සමාජ ගැටුමකට තුඩු දෙනු ඇතැයි ෂෙන්සෙන් බිය වේ. උකස් ගෙවීමට මධ්‍යම පාන්තික වහළෙක්, සාපේක්ෂ වශයෙන් ධනවතුන් හෝ සාමාන්‍ය බටහිර ජාතිකයෙකු භුක්ති විඳින තත්වයන්ට වඩා නරක තත්වයන් යටතේ ජීවත් වෙති. හොංකොං වල කූඩු නිවාස හා සමාන නිරයේ ජීවත් වන බොහෝ මිනිසුන්. ජනගහන විද්‍යාත්මකව මෙම වර්ධනවල ඇඟවුම් ගැන ද ඔහු කතා කරයි.
පවුල් පිහිටුවීම සහ සීසීපී
නමුත් මේ සියල්ල කිරීමේ අරමුණ කුමක්ද? කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ ඇයි? කාර්මිකකරණය සහ ක්ෂණික පිම්මකින් ප්රමුඛ තාක්ෂණික යෝධයෙකු බවට පත්වීම, අවසානයේ දී සිදු කරනුයේ වඩා හොඳ පවුල් සමාජයක් ගොඩනැගීමක් සඳහා පහසුකම් සැලසීම සඳහා ය. මූල්‍යකරණයේ අමානුෂිකභාවයෙන් පුරවැසියන් ඈත් කිරීම සඳහාය.
පසුගිය මාස කිහිපය තුළ චීනයේ සිදු වූ සිදුවීම් කෙරෙහි කිසියම් අවධානයක් යොමු කළ අය, එහි ඩොලර් බිලියන 100 ක අධ්‍යාපන තාක්ෂණ අංශය නැවත සකස් කිරීම සඳහා ළමුන්ගේ සීමාවන් ඉවත් කිරීම සීපීසී ය, කාර්මික පක්ෂයට සවන් දෙන බවට තවත් උදාහරණ වේ.
චීන දෙමව්පියන්ගෙන් 40% ක් තම ආදායමෙන් 25-30% ක් අධ්‍යාපනය සඳහා වැය කරන අතර සීසීපී නිවැරදි ලෙස දකින්නේ මෙය දරුවන් වැඩි වැඩියෙන් ඉපැදීම දිරිමත් කිරීමේ බාධාවක් ලෙස ය. කුළී ගෙවල්වල සිටින පවුල්වලට ඇති පීඩනය අවම කිරීම සඳහා පොදු නිවාස මිලියන ගණනක් ඉදි කෙරේ.
චීනය විශාල අභියෝගයන්ට මුහුණ දෙන නමුත් විචාරකයින් එහි ශක්තීන් අඩු තක්සේරුවකට ලක් කරන බවට සැකයක් නැත. මගේ අදහසේ හැටියට ඒ අය අතර ප්‍රධාන වන්නේ පක්ෂයේ පුදුම සහගත අනුවර්තනය වීමේ හැකියාවයි. අහිතකර තත්ත්වයන්ගෙන් ගොඩ ඒම පිළිබඳව සීසීපී හොඳ වාර්තාවක් අත්කර ගෙන ඇත. 1992 දී එය ප්‍රතිසංස්කරණය ආරම්භ කළ විට, 1997 මූල්‍ය අර්බුදයෙන් පසුව සහ 2008 දී ය. එම වාර්තාව වඩාත් විශ්මය ජනක ලෙස තහවුරු කරන ලද්දේ පසුගිය වසරේ කොවිඩ් වසංගතයෙන් පසුව ය. නව අදහස් වලට අනුවර්තනය වීමේ හැකියාව සහ විවෘතභාවය නිසා සීසීපීයට තේරුම් ගැනීමට සහ පිළිගැනීමට ඉඩ සලසන්නේ යම් තැනක ද අන්තර්ජාල පණිවිඩ අවකාශ න්යායාචාර්යවරුන් එහි සිටින අතර අවසානයේ දී පක්ෂයේ හොඳම සැලසුම් වලට බලවත් ප්රතිවිරෝධයක් ඉදිරිපත් කරනු ඇත. මේ දක්වා, සීසීපී විසින් ඒවා නව අදහස්වල තීක්ෂණ බුද්ධිමත් ප්‍රභවයන් ලෙස පිළිගෙන ඇත.
කාර්මික පක්ෂය සහ ශ්‍රී ලංකාව
කාර්මික පක්ෂය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට හඳුන්වා දීම හැර මෙම රචනයේ අරමුණ කුමක්ද? පසුගිය වසර 20 තුළ චීනය සජීවිකරණය කළ නව දේශපාලන හා ආර්ථික චින්තනය ගැන කතා කිරීමට උත්සාහ කිරීම හැරුණු විට, චීනයේ ජීවත් වන ඉංග්‍රීසි කතා කරන මිතුරන් නොමැති බොහෝ පුද්ගලයින්ගෙන් සැඟවී තිබීම හේතුවෙන්, සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමට ද මම කැමතියි. සමාජ මාධ්‍ය, රජයේ ප්‍රතිපත්ති සඳහා මහජන ප්‍රතිචාර මැනීමේ මෙවලමක් ලෙස සහ සමාජ මාධ්‍ය තුළ බ්ලොග් කරුවන් සහ න්යායාචාර්යවරුන් හඳුනා ගැනීම සඳහා වන මෙවලම ලෙස ඇත්තෙන්ම ලංකාව පවතින අගාධයෙන් ඉවත් කළ හැකි අදහස් තිබිය හැකිය. දශක හතරකටත් වැඩි කාලයක් අපි ආර්ථිකය මූල්‍යකරණය කරමින් සිටිමු, මිනිසුන් සංඛ්‍යාව අඩු කිරීම සහ ආරම්භයේදී ශ්‍රී ලාංකික නායකයින් දැඩි උත්සාහයක් දැරූ බොහෝ කාර්මික වාසි අහිමි වීම. සමහර විට අපේ විශ්වවිද්‍යාලවල අයට ද සිය න්‍යායන් ඉදිරියේ දී ඉදිරිපත් කරන ලෙස දිරිමත් කරන්නේ නම් වඩා හොඳ ය.
රතින්ද්‍ර කුරුවිට විසිනි
ලේඛකයා – ජාතික ආරක්ෂාව, චීනය සහ තාක්ෂණය ඇතුළත් පර්යේෂණ ක්ෂේත්රයන්ගෙන් සමන්විත සම්මානලාභී මාධ්‍යවේදියෙකි. ඔහු 2010 හි හවායි හි නැගෙනහිර-බටහිර මධ්‍යස්ථානයේ ද 2018 හි හවායි හි ආරක්ෂක අධ්‍යන සඳහා ආසියා-පැසිෆික් මධ්‍යස්ථානයේ ද සහ ඇමරිකා එක්සත් ජනපදයේ 2016 ජාත්‍යන්තර නරඹන්නන්ගේ නායකත්ව වැඩසටහනට සහභාගී වූ අයෙකු ද විය. ඔහු සිංගප්පූරුවේ නන්යාං තාක්ෂණික විශ්ව විද්‍යාලයේ උපාධියක් ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ සම්පත් දායකයෙකු ද වෙයි
මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.
ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි
මෙම ලිපියේ මුල් පිටපත මෙතැනින්