-5.9 C
New York

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයත් කොරෝනා අවදානම නිසා වසා දමයි

Published:

කොරෝනා අවදානමක් හේතුවෙවන් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය ද තාවකාලිකව වසා දමා ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයකු කීවේය.

මෙම මධ්‍යස්ථානය වසා දැමීමට සිදුව ඇත්තේ එහි සේවය කරන වෛද්‍යවරියකගේ සැමියාට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙනි.  එම වෛද්‍යවරිය නිවසේ නිරෝධායනයට යොමුකර සිටින්නීය.

එම වෛද්‍යවරියට සහ වෛද්‍ය මධ්‍යස්ථානයේ අනිකුත් සේවක සේවිකාවන්ට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඔවුන් කොරෝනා ආසාදිතයන් නෙනාවන බවයි.

වෛද්‍ය මධ්‍යස්ථානය ඊයේ විෂබීජහරණය කර ඇති බවත් සෞඛ්‍ය නිර්දේශ අනුව අද (11) යළි විවෘතකරන බව ද පාර්ලිමේන්තු ප්‍රකාශකයකු පැවසීය.

මේ වනවිට පාර්ලිමේන්තුවේ විවිධ අංශවලින් කොරෝනා ආසාදිතයන් 05 දෙනකු පසුගිය දින කිහිපයේ දී වාර්තා වී තිබේ.

Related articles

Recent articles

spot_img