-2.1 C
New York

අධිවේගී මාර්ගයේ වෑන් රථයක් ගිනිගනී

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ ගැලනිගම අතර දී ඊයේ (10) රාත්‍රී වෑන් රථයක් ගිනිගෙන මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

රථය ගිනිගන්නා අවස්ථාවේ එහි ගමන්කර ඇත්තේ රියදුරු පමණි. ඔහු පොලිසියට පවසා ඇත්තේ එකවරම වෑන් රථයේ ඉදිරිපසින් දුමාරයක් ඇති වී මද වේලාවකින් රථය ගිනිගත් බවයි. ගින්නෙන් රුපියල් ලක්ෂයක් පමණ අඩංගු වූ ඔහුගේ මුදල් පසුම්බිය ද ගිනිගත් බව පවසා ඇත.

පොලිසි විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබිණි.

අධිවේගී මාර්ග පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප – Accident 1st

Related articles

Recent articles

spot_img