-4.8 C
New York

රජය රට වහනතුරු බලා නොසිට ගෙදර වී ඉන්න. තත්වය අතිශය භයානකයි

Published:

රජය රට වහනතුරු බලා නොසිට අත්‍යාවශ්‍යම කරුණකට හැර වෙනත් කිසිම හේතුවක් සඳහා නිවසින් පිටතට නොයන ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඇය පවසන්නේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තාවීම 30%කින් සහ මරණ වාර්තාවීම 48.8%කින් වැඩි වී ඇති බවයි. කොරෝනා මර්ධනය සඳහා ඇති එකම විසඳුම රෝගය වැළඳීමෙන් වැළකී සිටීම බව ද මාධ්‍ය වෙත අදහස් දක්විමන් ඇය කියා සිටියාය.

“කොරෝනා සම්බන්ධයෙන් කාගෙවත් තනි තනි මත වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී. අපි හැමෝම ඉතාමත් දැඩි අවදානමක ඉන්නේ. රටේ ජනතාව ට මම කියන්නේ රජය කරයි සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. තමන්ගේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න. කිව්ව විදියට සෞඛ්‍ය උපදෙස් ටික පිළිපඳින්න. අනවශ්‍ය ගමන් සියල්ල නවත්වන්න. අනවශ්‍ය උත්සව, රැස්වීම් නවත්වන්න. අනවශ්‍ය විදියට නෑදෑයෝ බලන්න යන එක නවත්වන්න. මේ කියන්නේ තමා ආරක්ෂා වෙන්න. මේක තමන්ගේ ජීවිතයත් එකක් තියෙන ප්‍රශ්නයක්.”

Related articles

Recent articles

spot_img