-5.9 C
New York

විවාහ උත්සව උපරිම 50කට සීමා කරයි

Published:

විවාහ උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50ක් දක්වා අඩු කිරීමට කොවිඩ් – 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු පවත්වන විවාහ උත්සවයකට සහභාගී කරවාගත හැකිවන්නේ උපරිම 50ක පිරිසක් පමණි.

උත්සව ශාලාවක ආසන දාරිතාව 500ට වැඩිනම් පුද්ගලයන් 150ක් සහභාගී කරවාගැනීමටත් 500ට අඩුනම් 100ක් සහභාගී කරගැනීමටත් මීට පෙර අවසර ලබා දී තිබිණි.

Related articles

Recent articles

spot_img