-5.9 C
New York

ආසාදිතයන්ගෙන් 88%ක් මියයන වයිරස ප්‍රභේදයක් හඳුනාගනී

Published:

ආසාදනය වන පුද්ගලයන්ගෙන් 88% ප්‍රමාණයක් මියයන වයිරස ප්‍රභේදයක් හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මාරාන්තික එබෝලා වයිරස කාණ්ඩයට අයත් “මාබර්ග්” නමැති මෙම වයිරස ප්‍රභේදය අප්‍රිකාවේ ගිනියා රාජ්‍යයෙන් වාර්තා වී ඇත.

පසුගිය අගෝස්ත 02 වැනි දා මියගිය පුද්ගලයකුගේ රුධිර සාම්පලවලින් මේ වයිරසය හමුවී තිබේ. එහි පැතිරීම වැළැක්වීමට කඩිනම් පියවර ගත යුතු බවත් එසේ පාලනය නොකළහොත් එය ඉතාමත් භයානක තත්වයක් ඇතිකිරීමට සමත්වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ මුට්ෂිඩිසෝමොඑටි සඳහන් කරයි.

මෙම වයිරසය ද සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වූ වයිරසයක් බව සැළකේ. මේ වනවිට එය මිනිසකුගෙන් තවත් මිනිසකුට සම්ප්‍රේෂණය වන බව ද සොයාගෙන ඇත.

අධික උණ, මාංශ පේෂි වේදනාව ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර ඇතැම් අවස්ථාවල දී කන් හා නාසාවලින් රුධිරය ගැලීම් ද දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානනය පවසයි.

මීට පෙර එබෝලා වයිරසය සීඝ්‍රයෙන් පැතිරගිය ගිනියාව එම වසංගතයෙන් නිදහස් ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මාස දෙකකට පෙර ප්‍රකාශ කරන ලදී. නමුත් දැන් තත්වය වඩාත් භයානක වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ම කියයි.

Related articles

Recent articles

spot_img