-5.9 C
New York

ගුරු ප්‍රශ්නය විසඳන්න ‘අධ්‍යාපන ඇමති’ නැතිව ඇමති කමිටුවක් පත්කරයි

Published:

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම සඳහා කරුණු අධ්‍යයනය කර යෝජනා සැකසීම සඳහා අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී විශේෂ කමිටුවක් පත්කර තිබේ.

මෙම කමිටුවට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් ඇතුළත්ව නැත. එම කමිටුවේ සාමාජිකයන් ලෙස හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වූ ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග සහ මහින්ද අමරවීර පත්කර ඇත.

මේ අතර අද (09) ජී.එල්.පීරිස් අමාත්‍යවරයා කීවේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කළ හැකිවන්නේ මෙවර අයවැයෙන් බවයි. නමුත් එය සිදුකරන්නේ අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම් හා සමගාමීව බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය.

Related articles

Recent articles

spot_img